මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල යළි ඉහළට | දිනමිණ

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල යළි ඉහළට

මිල සූත්‍රයට අනුව යළිත් වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය මිල සුත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රී  සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බවයි.

ඒ අනුව, රුපියල් 149 ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 06 කින් වැඩිකර ඇත.  

රුපියල් 161 ට අලෙවි කරන ලද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08 කින් සහ රුපියල් 133 ට අලෙවි කරන ලද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 08 කින් ද වැඩි කිරීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙවර ඩීසල් මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත.

ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිලෙහි සිදුවන සංශෝධනයට අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරිම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පසුගියදා මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබීය.


නව අදහස දක්වන්න