පකිස්ථානය ගෞරි මිසයිලය සාර්ථකව අත්හදා බලයි | දිනමිණ

පකිස්ථානය ගෞරි මිසයිලය සාර්ථකව අත්හදා බලයි

පකිස්ථානට න්‍යෂ්ඨික බලයෙන් යුතු නවතම මිසයිලයක් අත්හදා බලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එම අත්හදා බැලීම් සාර්ථක බව ද සදහන් වේ.
 
නවතම බැලැස්ටික මිසයිලය නම් කර ඇත්තේ ‘ගෞරි‘ නමිනි.
 
මෙම මිසයිලයට කිලෝමීටර් 1300 දුර ප්‍රමාණයක් ගමන් කළ හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබේ. කලාපයේ සාමය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා පකිස්ථානය සමඟ සාකච්ඡා කිරීමට ගත් තීරණය ඉන්දියාව වෙනස් කිරීමෙන් සති කිහිපයකට පසුව මෙම අත්හදා බැලීම සිදුවීම විශේෂත්වයකි.
 
එමෙන්ම ඉන්දියාව රුසියාවේ එස් 400 මිසයිල පද්ධතිය මිලදී ගැනීම පකිස්ථානයේ කණස්සල්ලට හේතුවී තිබේ. නවතම බැලැස්ටික මිසයිලය පකිස්ථානයේ න්‍යෂ්ටික බලය තවදුරටත් ශක්තිමත් කරන බව එරට රජය පවසා ඇත.
 

නව අදහස දක්වන්න