ඔකඳ වෙරළේ ධීවර වාඩියක අපුරු රැයක් | A Night-Out in a fishing shack | දිනමිණ

ඔකඳ වෙරළේ ධීවර වාඩියක අපුරු රැයක් | A Night-Out in a fishing shack

නලින් දිල්රුක්ෂ
ඔකඳ වෙරළ දසුනක්
සංචාරයට සීමා මායිම් නැත.  ඒ ආශ්වාදයට ද සීමා මායිම් නැත. එකිනෙකා විවිධාකාරයට විනෝදාශ්වාදය ලබති. අද අප ඔබ වෙත ගෙන එන්නේ එවන් සංචාරයක් තුළ ලබාගත් අපූරුම  වින්දනීය අද්දැකීමක රූපරාමු පෙළකි.
සංචාරයට කැමැත්තෝ විවිධ වර්ගයේ සංචාරයන් තෝරා ගනිති.‍
අප අද ඉදිරිපත් කරන්නේ මුහුදු වෙරළක් අසබඩ මාළු වාඩියක රාත්‍රිය ගත කළ අපූරු අවස්ථාවක් ගැනයි.
මේ ඔකඳ වෙරළයි.  ශ්‍රී ලංකාවේ ගිනිකොන දිසාවට වන්නට අපූරු වන වන ගහනයකට එපිටින් මේ ඔකද වෙරළ තීරය පිහිටා ඇත.
ආරුගම්බේ සිට කිලෝ මීටර විස්සක් පමණ දුරින් කුමන අභය භූමියට ආසන්නව මේ ඔකද වෙරළ පිහිටා ඇත.
එම වෙරළ අද්දර පාරම්පරික ධීවරයෝ වාඩි ගසා ගනිමින් තම ජීවිකාව සරිකර ගනිති. අපේ අරමුණ වූයේ ඔවුන්ගේ වාඩියක  රාත්‍රියක් ගත කිරීමයි.
ඒ සඳහා අවශ්‍ය ය අවසරය අදාළ ආරක්ෂක අංශයන්ගෙන් මෙන්ම එම ධීවරයන්ගෙන්ද කල් ඇතිවම ලබාගත් අපි හැන්දෑ වරුවේ ඔකඳට ළඟා වීමු.
රාත්‍රී ආහාරයට මෙන්ම පසුදින ආරයට ද වශ්‍ය සියලු කළමනා අප විසින් රැගෙන යන ලදී. විශේෂයෙන් ම  කිවයුතු  මේ ප්‍රදේශයේ පානීය ජලය එතරම් සුදුසු තත්ත්වයක නැති බැවින් පානීය ජලය අවශ්‍ය ප්‍රමාණය රැගෙන යා යුතු බවයි.
ඉර අවරට ගිය පසු කිසිදු විදුලි බලයක් නොමැති හෙයින්  ඉර අවරට හැරෙන්නට කලින් පි අපගේ රාත්‍රී ආහාරය සකසා ගතිමු.
සැන්දෑවේ උදාවත් සමඟ වනසතුන් අප කඳවුරු භූමිය ආසන්නයට පැමිණෙනු දක්නට ලැබිණි. චමත්කාර දසුනකි. එසේම පසුදින අලුයම හිරු උදාව දවසක නැරඹිය යුතුම දසුනකි. මේ වින්දනීය අත්දැකීම් ලබාගන්න නිසි අවසරය ගෙන ඔබත් යන්න. ගෙන ගිය සියලු දෑ රැගෙන එන්න එහි පාසටහන් පමණක් තබා. පරිසරයට දැඩි සංචාරක එක්වන්න අපේ ඉල්ලීම එයයි. 

නව අදහස දක්වන්න