විද්‍යාර්ථ ‘සික්සර්ස්‘ කිරුළ කිංග්ස්වුඩ් විදුහලට | දිනමිණ

විද්‍යාර්ථ ‘සික්සර්ස්‘ කිරුළ කිංග්ස්වුඩ් විදුහලට

ඉන්දික පොල්කොටුව

මධ්‍යම පළාතේ පළමු පෙළ ,දෙවන පෙළ පාසැල් ක්‍රිකට් කණඩායම් 9ක සහභාගිත්වයෙන් පැවැති ‘විද්‍යාර්ථ සික්සර්ස්‘ සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට මහනුවර කිංස්වුඩ් විදුහල් කණ්ඩායම සමත්විය. මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ අනුශුරතාව සාන්ත සිල්වෙස්තර් විද්‍යලයීය කණ්ඩායමට හිමිවිය.

දක්ෂතම පිතිකරු ලෙස කිංස්වුඩ් විද්‍යාලයීය හර්ෂණ වික්‍රමසිංහ,හොඳම පන්දු යවන්නා ලෙස සිල්වෙස්තර් විදුහලේ මනෝහරන් පවිත්‍රන්,හොඳම පන්දු රකින්නා ලෙස කිංස්වුඩ් පිළේ අචල බොගොඩවත්ත, තරගාවලියේ වීරයා ලෙස හර්ෂණ වික්‍රමසිහ සම්මාන දිනාගත්හ.

මහනුවර විද්‍යාර්ථ විද්‍යලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව සංවිධාන කළ මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස 94 වසරේ විද්‍යාර්ථ කණ්ඩායමේ නායකත්වය දැරූ ලක්ෂමන් පෙරේරා හා විද්‍යාර්ථ ආදි ශිෂ්‍ය ඉංජිනේරු සමන් අබේකෝන්, එහි ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ජීවක බණ්ඩාර මහත්වරුන් එක්ව සිටියහ. විද්‍යාර්ථ ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සුමිත් දයානන්ද ,තරගාවලි ලේකම් චමින්ද කොඩිකාර මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.

 

නව අදහස දක්වන්න