රජය ඩීසල් මිල වැඩි නොකරයි | දිනමිණ

රජය ඩීසල් මිල වැඩි නොකරයි

රජය විසින් ඉන්ධන මිල මාස්පතා තීරණය කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද මිල සූත්‍රයට අනුව මෙවර ඩීසල් ලීටරයක මිල රු. 11කින් වැඩිකළ යුතුව තිබූ නමුදු මහජනතාවට, විශේෂයෙන් ප්‍රවාහන, ධීවර වැනි ක්ෂේත්‍රයන්ට ඇතිවන්නා වූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගෙන ඩීසල් මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත.

බොරතෙල් මිල සඳහා පවතින ජාත්‍යන්තර මිල සහ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය පදනම් කරගෙන දේශීය වශයෙන් ඉන්ධන මිල තීරණය කිරීම සඳහා 2018 මැයි මස 09 දින අමාත්‍ය මණ්ඩලය විසින් මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලදී.

ඒ අනුව, සෑම මසකම 10 වන දින මිල සංශෝධනය කිරීම පිළිබඳ තීරණය ගැනීම සඳහා පත්කර ඇති මිල සූත්‍ර කමිටුවට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රධානත්වය දරන අතර එම කමිටුවට ජනාධිපතිතුමාගේ නියෝජිතයෙක්, අග්‍රාමාත්‍යතුමාගේ නියෝජිතයෙක් සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජිතයෙක් ඇතුළු සාමාජිකයන් 05 දෙනෙක් අයත් වේ.

අවසන් වරට මිල සූත්‍රය අනුව සැප්තැම්බර් මස 10 වන දින ඉන්ධන මිල සංශෝධනය කළ අවස්ථාවේදී ඇ. ඩො. 75ක්ව පැවැති බොරතෙල් බැරලයක මිල අද වනවිට ඇ. ඩො. 84 දක්වා වැඩි වී ඇත. ජාත්‍යන්තරව ඉන්ධන මිල සීමාවකින් තොරව ඉහළ ගියහොත් සංවේදී ආණ්ඩුවක් ලෙස එහි වැයබර දැරීමට රජය සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. ඒ අනුව, ප්‍රවාහන සහ ධීවර ක්ෂේත්‍රයන්ට අහිතකර බලපෑමක් ඇති කළ හැකි බැවින් මෙවර ඩිසල් මිල වැඩි නොකිරීමට රජය තීරණය කරන ලදී.

ඩීසල් හැර අනෙකුත් ඉන්ධන මිල

ඩීසල් හැර අනෙකුත් ඉන්ධන මිල ඔක්තෝම්බර් මස සඳහා මිල තීරණය කිරීමට රැස්වූ මිල සූත්‍ර කමිටුව විසින් අනෙකුත් ඉන්ධන මිල ඊයේ (10) බදාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව, රු. 149ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 6කින් වැඩිකර ඇත. රු. 161ට අලෙවි කරන ලද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු.8කින් සහ රු. 133ට අලෙවි කරන ලද සුපර් ඩීසල් ලීටරයක් රු. 8කින් ද වැඩිකරනු ලැබ ඇත.

අදහස් 1ක් ඇත

yako oya thel mila suthraya mokakda kiyala kiyanna beri anduwak.podi minihatamai kelinne.parlimenthuwe enna amanayanta penne nedda minissu widina duka eda wela hamba karanna darana duka.ubalata sepa widinna api thawa duk widinna onada yakune

නව අදහස දක්වන්න