සීෂෙල්ස් අත්අඩංගුවේ සිටින සියලුම ධීවරයෝ නිදහස් | දිනමිණ

සීෂෙල්ස් අත්අඩංගුවේ සිටින සියලුම ධීවරයෝ නිදහස්

මහින්ද අලුත්ගෙදර

මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළත් වීම හේතුවෙන් සීෂෙල්ස් රාජ්‍යයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් සියලු දෙනාම වහාම ක්‍රියාත්මක වන පරිදි නිදහස් කිරීමට එරට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

අනවසරයෙන් සීෂෙල්ස් මුහුදු සීමාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් ඊයේ (10) නිදහස් කිරීමට සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා තීරණය කර තිබෙන බව සීෂෙල්ස් හි සිදුකළ රාජ්‍ය චාරිකාව අතරතුර එරට ජනාධිපතිවරයා සමඟ පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ(10) පැවැති 'ජලජීවී උදානය - 2018' ජලජීවී වගා තාක්ෂණික සමුළුව අමතමිනි. ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය එක්ව මෙය සංවිධාන කෙරිණි.

ශ්‍රී ලංකාවේ මිරිදිය, කිවුල්දිය ධීවර කර්මාන්තය, විසිතුරු මත්ස්‍ය වගාව හා ජලජීවී වගාව ග්‍රාමීය ජනතාවට ජීවනෝපාය සපයමින් ආහාර සුරක්ෂිතතාව ඇති කරමින් විදේශ විනිමය ඉපයීමට දායකවන සුවිසල් ක්ෂේත්‍රයක් නියෝජනය කරන්නා වූ අප රටේ ජනජීවිතය හා ආර්ථිකය පෝෂණය කරමින් කැපවී ක්‍රියාකරන සමස්ත අභ්‍යන්තර ධීවර හා ජලජීවී වගා ප්‍රජාවට උපහාර පිදීම ජලජීවී උදානය - 2018 සමුළුවේ අරමුණ වී තිබේ.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ තමා සහ සීෂෙල්ස් ජනාධිපතිවරයා අතර පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලාංකික ධීවරයන් සියලු දෙනා නිදහස් කිරීමට පියවර ගෙන තිබෙන බවයි.

මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා විශාල ශක්තියක් ලබාදෙන මෙරට මිරිදිය සහ කරදිය ධීවරයන් ශ්‍රී ලංකාවට විශාල සම්පතක් බව පෙන්වාදුන් ඒ මහතා එම ධීවරයන් කිසිවිටෙකත් සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීම වෙනුවෙන් සැප සම්පත් ඉල්ලා නොසිටි බව ද ඔවුන් ඉල්ලා සිටින්නේ රජයක් වශයෙන් ඉටුකළ හැකි අහිංසක ඉල්ලීම් පමණක් බව ද පෙන්වා දුන්නේය. එම ඉල්ලීම් සියල්ල රජයක් වශයෙන් ඉටුකිරීමට හැකි ඉල්ලීම් බව ද ඒවා සියල්ල ඉටුකිරීම සඳහා තමා පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා, රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි, නියෝජ්‍ය ඇමැති අමීර් අලී, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න සහ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්ත මදවන්ආරච්චි මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

අදහස් 3ක් ඇත

Muhudu Seema Paninaunta Dedi danduwam Diyayuthui (lankawe Ho anrataka.)Muhudu seema kadakala Deewarain Regena Awe Ei?

Muhudu seema Kadakalaun regena awith Agamethi kara Eththe Neethi Viridee Kriyawak. Eeta Ohuge Chanda Baraganak Helenawa.

agamethi kara eththe Neethi Viridi Katayuthu kala unta sahaya Dek Weemak Enisa Ohuge Chanda baraganak api Lankikain Lesa Kapadamanawa.

නව අදහස දක්වන්න