නේවි සම්පත්ට සැඟවී සිටීමට අනුබල දුන් ලක්සිරි රිමාන්ඩ් | දිනමිණ

නේවි සම්පත්ට සැඟවී සිටීමට අනුබල දුන් ලක්සිරි රිමාන්ඩ්

සුභාෂිණී සේනානායක
ඡායාරූපය - කැලුම් ලියනගේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අයට පොල්වත්තක සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලක්සිරි අමරසිංහ නැමැති ඒජන්සි කලමණාකරවරයා ලබන 19 දක්වා රක්ෂිත බන්නාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (10) නියෝග කළාය.

මෙම සැකකරු නේවි සම්පත් යන සැකකරුට මැලේසියාව බලා පිටත්ව යාමට ආධාර අනුබල ලබා දි ඇති බවත් ඒ සම්බන්ධයෙන් ගුවන් ටිකට් පත් මිපලදී ගෙන ඇත්තේ ඔහු බවද මේ වන විට සිදු කළ විමර්ශන අනාවරණය වි ඇති බවත් ඔහු පෙරේදා (09) අත්අඩුගුවට ගත් බව අධිකරණයට කී රහස් පොලිසිය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නව අදහස දක්වන්න