එකම පවුලේ 06ක් ඝාතනය කළ 10ක් පෝරකේ | දිනමිණ

එකම පවුලේ 06ක් ඝාතනය කළ 10ක් පෝරකේ

එකම පවුලේ 06 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 10දෙනෙකුට අද මරණ දඬුවම නියම කර තිබේ.

ඒ තංගල්ල මහ අධිකරණයේ නියෝගයකට අනුවයි.

අදාළ සැකකරුවන් අද තංගල්ල මහධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තංගල්ල මහධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද විසින් මරණ දඬුවම නියම කර ඇත.

1998 දෙසැම්බර් මස 18 දා අගුණකොපැලැස්ස, දිග්වැව, රදන්පල ගෙදර එකම පවුලේ 06 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දඩුවම නියම කෙරිණ.

නව අදහස දක්වන්න