හයි­බ්‍රිඩ් මෝටර් රථ අලු­ත්වැ­ඩියා පාඨ­මාලා Hybrid Bay Lanka සමා­ග­මෙන් | දිනමිණ

හයි­බ්‍රිඩ් මෝටර් රථ අලු­ත්වැ­ඩියා පාඨ­මාලා Hybrid Bay Lanka සමා­ග­මෙන්

ශ්‍රී ලංකාවේ වේගයෙන් ප්‍රචලිත වන හයිබ්‍රිඩ් වාහන අලුත්වැඩියා පුහුණුවෙන් ඉහළ වැටුප් ලැබෙන වෘත්තියකට මඟ පෙන්වන අම්බලන්ගොඩ Hybrid Bay Lanka සමාගම වසර 10කට අධික කාලයක් පුරා පාඨමාලා පවත්වමින් පළපුරුදු මෝටර් රථ අලුත්වැඩියා කාර්මිකයන් බිහි කරයි. “හයිබ්‍රිඩ් මෝටර් රථ නඩත්තුව සහ අලුත්වැඩියාව සාමාන්‍ය වාහනවල සිදු කරන ආකාරයෙන් කිරීම නිසා හයිබ්‍රිඩ් වාහනවලට සිදු වන හානි අති විශාලයි. එනිසා හයිබ්‍රිඩ් මෝටර් රථ නඩත්තුවේදී සහ අලුත්වැඩියාවේදී ඒ සම්බන්ධ පළපුරුදු කාර්මිකයන්ට ඉහළ ඉල්ලුමක් දේශීය හා මෙන්ම විදේශීය රැකියා වෙළඳපොළේ තියෙනවා.” Hybrid Bay Lanka සභාපති ගනේෂ් ඇල්පිටියගේ මහතා පැවසීය.

මෙම පාඨමාලාවලදී හයිබ්‍රිඩ් රථයක සියලු දෝෂ මනාව හඳුනා ගෙන, ඒවා නිසි ලෙස නිවැරදි කර, නිසි නඩත්තුවක් සහ අලුත්වැඩියාවක් කිරීමට Hybrid battery service & repairing, Honda duel clutch repairing, Wagon R battery repairing, Hybrid & EFI engine tune up, Inverter coolant changing & repairing, Hybrid system scanning & fault diagnosis ඇතුළු සේවා රැසක් සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම 100% ක් වැඩ බිමකදී සපයයි. පූර්ණ කාලීන දෙවසරක සහ වසරක මෙන්ම අර්ධකාලීන මාස හය සහ තුන ලෙස පාඨමාලා මාතර, ගාල්ල, අම්බලන්ගොඩ, කළුතර, මහරගම සහ කිරිබත්ගොඩ යන නගරවලදී පැවැත්වෙන අතර විදේශ ගතවීමට හෝ කෙටි කලකින් ව්‍යාපාර ඇරඹීමට සිටින පිරිසට දින පහේ සහ දහයේ නේවාසික පාඨමාලාද අම්බලන්ගොඩදී පැවැත්වේ. කෙටිකාලීන පාඨමාලාව හදාරන පිරිසට කෑම බීම සහ නවාතැන් නොමිලේ ලැබෙන අතර සියලුම පාඨමාලා අවසානයේදී ජාත්‍යන්තර ආයතන ජාලයක අනුමැතිය සහිත පිළිගත් සහතිකයක්ද පිරිනමයි. පාඨමාලාවෙන් පසු Hybrid Bay Lanka සේවා මධ්‍යස්ථානයක ප්‍රායෝගිකව පුහුණුව දෙයි. පාඨමාලා පිළිබඳ තොරතුරු 0716622228 හෝ 0771509309 අංකයට ඇමතීමෙන් හෝ ඔබේ තොරතුරු SMS කිරීමෙන් ලබා ගත හැකිය. Hybrid Bay Lanka ෆේස්බුක් පිටුවට පිවිස වැඩි විස්තර දැන ගන්න.


නව අදහස දක්වන්න

Or log in with...