නුගේ­ගො­ඩින් සුපිරි ජීවන රටා­වක් ගෙන එන “එල්වින්” නිවාස ව්‍යාපෘ­තිය | දිනමිණ

නුගේ­ගො­ඩින් සුපිරි ජීවන රටා­වක් ගෙන එන “එල්වින්” නිවාස ව්‍යාපෘ­තිය

කැපිටල් ට්‍රස්ට් රෙසිඩෙන්සීස් පුද්ගලික සමාගම තම නවතම මහල් නිවාස ව්‍යාපෘතිය වන “එල්වින්” ව්‍යාපෘතිය දියත් කරන ලදී. නුගේගොඩ එල්වින් පෙදෙස් එම නමින්ම දියත්වන මෙම නිවාස ව්‍යාපෘතිය ලොව අංක එකේ සුපිරි ජීවන රටාවක් නිවැසියනට ලබාදීමට සමත් වන්නකි.

මේ වන විට ආයතනය සාර්ථක සහ සම්මානනීය මහල් නිවාස ව්‍යාපෘති රැසක් නිම කොට ඇති අතර ඒවායේ ඔප්පු හිමිකම් ප්‍රදානයද සිදුකර ඇත. මෙම සම්මාන අතර කොළඹ 04 බම්බලපිටිය වජිර පාරේ නිවාස ව්‍යාපෘතිය සඳහා “Best Condo (Sri Lanka)”සහ “Best Residential Interior Design (Sri Lanka)” සම්මාන සිංගප්පුරුවේ පැවති ආසියානු දේපළ සමුළුවේදි පසුගිය වසරේදී දිනා ගැනීමට කැපිටල් ට්‍රස්ට් රෙසිඩෙන්සීස් ආයතනය සමත් වන ලදී. එමෙන්ම කොළඹ 05 තිඹිරිගස්යාය පාර ව්‍යාපෘතිය සඳහා “Best mid End Condo Development” සම්මානයත්, එම ව්‍යාපෘතිය සඳහාම 2018 ජුලි 12 වන දින ආසියානු දේපළ සම්මාන උළෙලේදී “Best Condo Interior Design” සම්මානයත් දිනාගැනීමට සමත් විය. මේ අතර ඇතුල් කෝට්ටේ ව්‍යාපෘතිය ද සම්මානයෙන් පිදුම් ලැබු අතර ඒ සඳහා Best Affordable Condo Developmentර්‍ණ යන සම්මානය හිමි විය.

ආයතනයේ නවතම ව්‍යාපෘතිය වන ර්‍ණඑල්වින්” ව්‍යාපෘතිය නිවාස ඒකක 45 කින් සමන්විත වූවකි. මහල් නවයකින් යුත් නිවාස ව්‍යාපෘතියක් වන මෙහි නිවාස, නිදන කාමර දෙක,තුන සහ හතර යන මාදිලි වලින් යුක්ත වේ. එමෙන්ම මෙම සියලු නිවාස ඒකක නගරයේ දර්ශනිය දසුන් නැරඹිය හැකි වන සේ නිමවා ඇත. සුබෝපභෝගී නිවෙස් හිමිකරුවකු වනවා පමණක් නොව බැංකු, සාප්පු සංකීර්ණ, සුපිරි වෙළදසැල් ආපනශාලා සහ වෙනත් එදිනෙදා ජීවිිතයට අවශ්‍ය සිල්ලර කඩ සාප්පු පිළිබඳ අත්දැකීම් සහ පහසුවද නිවැසියන්ට ලබාගත හැකිවීම මෙහි තවත් විශේෂත්වයකි.


නව අදහස දක්වන්න

Or log in with...