සැමට සෙවණ නිවාස ව්‍යාපෘතියේ 76වෙනි අදියර ඇරඹෙයි | දිනමිණ

සැමට සෙවණ නිවාස ව්‍යාපෘතියේ 76වෙනි අදියර ඇරඹෙයි

'සැමට සෙවණ' නිවාස ව්‍යාපෘතිය විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාගේ මෑණියන් හා 'ලිය සවිය' කාන්තා සංවිධානයේ සභාපතිනිය වන සුවිනීතා සේනානායක මහත්මියගේ අතින් පසුගිය දා (7) ආරම්භ විය.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ 'සැමට සෙවණ' සංකල්පයට අනුව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාගේ ඉල්ලීමකට අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මේ වන විට 2018 අවුරුද්දට පමණක් නිවාස යෝජනා ක්‍රම 47ක වැඩ ආරම්භ කර ඇති අතර මෙයට නිවාස 2000 ආසන්න ප්‍රමාණයක් ඇතුළත්ය. දැනට නිවාස යෝජනා ක්‍රම 5ක වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කර ඇති අතර මෙම එක් ව්‍යාපෘතියක් සඳහා මාස 5ක කාලයක් වැය වන බව නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. පසුගිය දා ආරම්භ වූ නිවාස යෝජනා ක්‍රම පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ මැදගම ගම්මානයේ නිවාස 37 සඳහා ද, වැලිකන්ද මහවැව ගම්මානයේ I අදියර නිවාස 17 ක් ද, II අදියර නිවාස 20 ක් ද ජනතාව අතර බෙදී ගියේය.

මෙම එක් නිවසක් සඳහා ලක්ෂ 5 ක් වැයවන අතර අඩු ආදායම්ලාභී නිවසක් නොමැති ජනතාව හා කටු මැටි නිවෙස්වල ජීවත්වන අහිංසක දුප්පත් ජනතාව පක්ෂ, ජාති භේදයකින් තොරව තෝරාගනු ලබන අතර නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙම ජනතාවට සේවා සැලසීමට සැදී පැහැදී සිටියි.

හම්බන්තොට දිස්ත්‍රික්කයට නො‍දෙවෙනි නිවාස යෝජනා ක්‍රම ගණනාවක් ක්‍රියාත්මක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ කැපවීම හා මඟපෙන්වීම මත අඩු ආදායම්ලාභී පවුල් වෙත මෙම යෝජනා ක්‍රම ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමාගේ මෑණියන් හා 'ලිය සවිය' කාන්තා සංවිධානයේ සභාපතිනිය වන සුවිනීතා සේනානායක මැතිනිය සහභාගී වූ අතර ප්‍රාදේශීය ජනතා නියෝජිතයන්, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, නිවාසලාභීන් හා ගම්වාසීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.


අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ ක්‍රීඩා පිටිය සංවර්ධනයේ දෙවන අදියරට මුල පුරයි

පියසේන වතුදුර - දිගාමඩුල්ල සංචාරක

රුපියල් ලක්ෂ 50ක වියදමින් අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ ක්‍රීඩා පිටිය ඉදි කිරීමේ දෙවන අධියර කටයුතු 8 දා උදේ ආරම්භ වූ අතර රු.ලක්ෂ 4ක් වටිනා ක්‍රිඩා භාණ්ඩ ලබා දීම සහ උහන මහා විද්‍යාලයට රු.ලක්ෂ 4ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ ලබා දීම ද එදින සිදු විණි.

අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් සහ ක්‍රීඩා සාමාජික සමාජිකාවන්ගේ ක්‍රීඩා උනන්දුව වැඩි කිරීම පිණිස ක්‍රීඩා පළාත් පාලන සහ පාළාත් සභා රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මියගේ යෝජනාවක් අනුව මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.

ජාතික පාසල් ක්‍රිඩා පිටියට මුල් ගල් තැබීම ක්‍රීඩා පළාත් පාලන සහ පාළාත් සභා රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, ඛනිජ තෙල් ස්පත් නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ අම්පාර මහ දිසාපති ඩි. එම්. එල්. බණෟඩානායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

විදුහලට රුපියල් ලක්ෂ 4ක් වටිනා ක්‍රිකට් ක්‍රීඩා උපකරණ මෙහි දී රාජ්‍ය ඇමතිවරිය අතින් විදුහල්පතිවරයාට භාර දෙනු ලැබීය.

උහන මහා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව නඟාසිටුවීම සඳහා ක්‍රිකට් ක්‍රීඩා උපකරණ උහන මහ විදුහලේ විදුහල්පති එච්.එම්.එල්. පරාක්‍රම මහතා වෙත භාර කෙරිණි.


බේරුවල පාසල් තුනකට අලුතින් ගොඩනැගිලි ලක්ෂ 950ක ප්‍රතිපාදන

කළුතර විශේෂ - සැම්සන් ප්‍රේමසිරි

බේරුවල ප්‍රදේශයේ පාසල් 3කට නව ගොඩනැගිලි ඉදිකෙරෙමින් පවතී. රුපියල් ලක්ෂ 950ක මුදලක් ඒ සඳහා වැයකෙරෙයි. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා බේරුවල එජාප සංවිදායක ඉෆ්තිකාර් ජමිල් මහතාගේ යොජනාවක් අනුව මේ ගොඩනැගිලි ඉදිවේ.

බේරුවල චීන කොටුව අල් හුමයිසරා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලේ හා දර්ගා නගරය අල් හම්රා විද්‍යාලය නව විදුහල්පති හා ගුරු නිවාසය ඉදිකිරීම් අවසන් අදියරට පත්ව ඇත. එසේම බේරුවල ඩි. එස්. සේනානායක විද්‍යාල පරශ්‍රෙය් නව කොට්ඨාස අධයාපන කාර්යාලයේ ඉදිකිරීම් කටයුතුව දැන් සිදු කෙරේ.


රට නැඟුමට දිරිය සවියක් දෙන තවත් යොවුන් සේනාංක බලමුළුවක් විසිර යති

දොඩම්ගස්ලන්ද ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ පැවැති දොඩම්ගස්ලන්ද සහ මාවතගම ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානවල 2018-1 කණ්ඩායම්වල සිසු දරු දැරියන්ට සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය දා පැවැත්විණි. මෙම සහතිකපත් ප්‍රධානෝත්සවය ස්වදේශ රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ එහි අවස්ථා කීපයකි.

නව අදහස දක්වන්න