බදුරලිය ඩෙල්කිට් මාර්ගය වසර ගණනක සිට අබලන් | දිනමිණ

බදුරලිය ඩෙල්කිට් මාර්ගය වසර ගණනක සිට අබලන්

කොටගල වැවිලි සමාගම යටතේ පාලනය වන බදුරලිය ඩෙල්කිට් මාර්ගය වසර ගණනාවක සිට දැඩි ලෙස අබලන් වී මතුගම ඩිපෝව මඟින් ධාවනය වූ බස් රථය ද නතර කර ඇති බව ගැමි ජනතාව පාසල් සිසුහු බලධාරීන්ට චෝදනා කරති.

ඉතා කඩිනමින් බදුරලිය ඩෙල්කිට් මාර්ගය හරහා පොලේගොඩ මහගම දක්වා ද යාමට ඇති කෙටි මාර්ගයක් බැවින් ඉතා අපහසුවෙන් ගමන් ගන්නා මෙම මාර්ගය මහාමාර්ග ඇමැති අවධානය යොමුකර නවීකරණය කර දෙන ලෙස රථවාහන රියැදුරෝ පාසල් සිසුහු දෙමව්පියෝ ඉල්ලා සිටිති.

ඡායාරූපය - පාලින්දනුවර සමූහ

 

නව අදහස දක්වන්න