කැලෑ පත්තර ගහලා වන්දි ගෙවන්න වෙලා | දිනමිණ

කැලෑ පත්තර ගහලා වන්දි ගෙවන්න වෙලා

කැලෑ පත්තර ගැසූ පුද්ගලයකුට මාවනැල්ල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මහින්ද ලියනගම මහතා විසින් අදාළ පැමිණිලිකරුවන් තිදෙනාට රුපියල් 45000 බැගින් වූ වන්දි මුදල් ගෙවන ලෙසට 9 වනදා නියම කරන ලදි.

හත්ගම්පොල පල්ලේබාගේ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකුගේ චරිතයට අපහාසාත්මක වන අයුරින් කැලෑ පත්තර ගැසූ පුද්ගලයකුට එරෙහිව අරණායක පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් අයකු සැකපිට අත්තඩංගුවට ගනු ලැබ පාදඩ ආඥා පනත යටතේ පවරා තිබු නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා විසින් ඉහත කී දඩ මුදල් නියම කරන ලදි.

අරණායක පොලිසිය මඟින් නඩු පවරනු ලදුව එම පොලිසියේ අධිකරණ කටයුතු භාර පොලිස් කොස්තාපල් 35754 එස්. කේ. මුණසිංහ මහතා විසින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත්කර තිබිණි.

හෙම්මාතගම සමූහ
රොහාන් සී. ප්‍රේමතිලක


නව අදහස දක්වන්න

Or log in with...