මොනරාගල ක්‍රිකට් පිටිය හදලා ඉවර කරමු ද? | දිනමිණ

මොනරාගල ක්‍රිකට් පිටිය හදලා ඉවර කරමු ද?

මොනරාගල කාර්මික විද්‍යාලය අසල පිහිටි මොනරාගල දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයයි මේ. මීට වසර අටකට පමණ ඉහත දී ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙය නිසි නඩත්තුවක් නොකිරීම නිසා මේ වනවිට වල් බිහිවී විනාශ වෙමින් පවතී.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය මඟින් මේ සඳහා රුපියල් මිලියන පහළොවක් පමණ වැය කොට ඇති බව දැනගන්නට ඇත. ක්‍රිඩාංගණය වල්බිහි වී විනාශ වී ඇති අතර වැසි කාලයේ එය මඩ වගුරක් බවට පත් වේ.

ක්‍රීඩාගාරයක් හෝ වෙනත් කිසිදු ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට මෙතෙක් පියවර ගෙන නොමැත. මේ සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් ඩබ්ලිව්. එන්. බණ්ඩාර මහතාගෙන් කළ විමසුමක දී පැවසුවේ මුදල් ප්‍රතිපාදන නිසි ලෙස නොලැබීම නිසා ක්‍රීඩාංගණය ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වී ඇති බවයි.

ඡායා- ඌව වෙල්ලස්ස විශේෂ ඩී. එස්. ගුණතිලක

නව අදහස දක්වන්න