හම්බන්තොට වෙළඳ සංගමය | දිනමිණ

හම්බන්තොට වෙළඳ සංගමය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සක්‍රීයම වෙළඳ සංගමය ලෙස හම්බන්තොට වෙළඳ සංගමය තේරී පත් වූ අතර එහි අනු ශූරතාවය වීරකැටිය එක්සත් වෙළඳ සංගමයට හිමි විය. හම්බන්තොට වෙළඳ සංගමයේ සභාපති එම්. අයි. හමීඩ් මහතා හොඳම සභාපතිවරයා වශයෙන් ද, හොඳම ලේකම්වරයා ලෙස එල්. එම්. බී. පුබුදු ක්‍රිෂාන්ත මහතා ද,හොඳම භාණ්ඩාගාරික ලෙස රොෂාන් මදුවන්ත මහතා ද, සම්මාන ලැබූහ.

සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය හම්බන්තොට වාණිජ මණ්ඩලයේ මෙහෙයවීමෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තංගල්ල වෙළඳ සංගමය හොඳම ආදායම් උත්පාදනය කිරීමේ ව්‍යපෘතිය සඳහා සම්මාන හිමිකර ගත් අතර, බෙලිඅත්ත එක්සත් වෙළඳ සංගමයට සහ තිස්මහාරාම වෙළෙඳ සංගමයට ඇගයීම් සම්මාන පිරිනැමිණි.

ලුණම සමූහ සනත් ගමගේ

 

නව අදහස දක්වන්න