තූර්කි අත්අඩංගුවෙන් නිදහස් වූ අමෙරිකානු පාදිලිවරයා ධවල මන්දිරය‍ට යයි | දිනමිණ

තූර්කි අත්අඩංගුවෙන් නිදහස් වූ අමෙරිකානු පාදිලිවරයා ධවල මන්දිරය‍ට යයි

තූර්කි අත්අඩංගුවෙන් නිදහස ලැබූ අමෙරිකානු ජාතික පාදිලිවරයකු වන ඇන්ඩෲ බ්‍රන්සන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇරයුමකට අනුව ධවල මන්දිරය‍ට පැමිණියේය. එහිදී ට්‍රම්ප් විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගෙන තිබුණි.

තූර්කි ආරක්ෂක අංශ ‍අමෙරිකානු පාදිලිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට එරෙහිව 2016 වසරේ සිදුවුණු අසාර්ථක හමුදා කුමන්ත‍්‍රණයට ඇන්ඩෲ බ‍්‍රන්සන් සම්බන්ධ බවට චෝදනා එල්ල කරමිනි. තූර්කි අධිකරණයේ දී ඔහු එම චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ අතර වසර තුනක සිර දඬුවම් නියම විය. මේ සම්බන්ධයෙන් අමෙරිකාව සහ තූර්කිය අතර අර්බුදයක් ද නිර්මාණය වූ අතර අමෙරිකානු ජනාධිපතිවරයා කිහිප අවස්ථාවකදීම පාදිලිවරයා නිදහස් කරන ලෙස තූර්කි ජනාධිපතිවරයාට බල කර සිටියේය.

නිදහස ලැබූ ඇන්ඩෲ බ්‍රන්සන් වි‍ශේෂ හමුදා ගුවන් යානයකින් වොෂින්ටනයට පැමිණියේය.

නව අදහස දක්වන්න