යළි මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි | දිනමිණ

යළි මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි

ඉදිරි පැය 09.00 තුළ මධ්‍යම, ඌව, සබරගමුව, උතුරුමැද, වයඹ පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්ද පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

                                                  මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

                                2018 ඔක්තෝබර් මස16 දින මධ්‍යහන 12.00ට නිකුත් කරන ලදි

දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. 

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

                                  ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                               2018 ඔක්තෝබර්මස16 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලතැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රිකාලයේවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 20-30 පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

 


නව අදහස දක්වන්න