මවගෙන් වෙන්වූ දිවි පැටවුන්ට බැළලිය මවක් වෙයි | දිනමිණ

මවගෙන් වෙන්වූ දිවි පැටවුන්ට බැළලිය මවක් වෙයි

මවගෙන් වෙන්ව මස්කෙළිය සාමිමලේ ගවරවිල තේ වතුයායේ අතරමංව සිටි සති තුනක් වයසැති හඳුන් දිවි පැටවුන් තිදෙනෙකුට මවු සෙනෙහස පාමින් බැළලියක් කිරි ලබාදෙන පුවතක් නල්ලතන්නිය වනජීවී කාර්යාලයෙන් වාර්තා වෙයි.

තේ වතු යායේ කාණුවක් මත මෙම පැටවුන් දෙදෙනා අතරමංව සිටියදි තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසක් 15දා හඳුන් දිවි පැටවුන් තිදෙනා නල්ලතන්නිය වන ජිවී කාර්යයාලයේ නිලධාරින්ට බාරදී ඇත.

පැටවුන් තිදෙනෙකු ප්‍රසූත කර සිටි නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ සුරතලේට ඇති කල බැලලියක් බළල් පැටවුන් තිදෙනාට සහ මේ හඳුන් දිවි පැටවුන් තිදෙනාට එක සේ සෙනෙහස දක්වමින් කිරි ලබා දෙන බව වන ජීවි නිලධාරීහූ පවසති.

හඳුන් දිවි පැටවුන් හොඳින් වැඩුණු පසු ඔහුන්ව සුදුසු පරිසරයකට මුදා හැරීමට කටයුතු කරන බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ සහකාර අඩවි වන නිලධාරී ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය..

නව අදහස දක්වන්න