Sri Lanka Pineapple විදේශ වෙළදපලට | දිනමිණ

Sri Lanka Pineapple විදේශ වෙළදපලට

දැනට ලෝකයේ අන්නාසි වවන රටවල් අතරින් රසවත්ම අන්නාසි විදේශ වෙළඳපොලට සපයනු ලබන්නේ ශ්‍රි ලංකාව වන අතර අපේ රටෙන් අපනයනය කෙරෙන අන්නාසි Sri Lanka Pineapple වෙළදනාමයෙන් විදේශ වෙළදපොළට සැපයීම සදහා අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.
 
ශ්‍රි ලංකාවේ දේශගුණික සහ පසෙහි PH අගය අනුව අන්නාසිවල රසවත්භාවය සෙසු රටවල් අබිබවා පවතී. එම නිසා බොහෝ රටවලින් ශ්‍රි ලංකාවේ අන්නාසි සම්බන්ධයෙන් විශාල ඉල්ලුමක් තිබුණ දල ඊට සාපේක්ෂව අන්නාසි සැපයීමට තරම් වගා කරන්නේ නැත. 
 
එම නිසා අපනයනය ඉලක්ක කර ගනිමින් මොනරාගල මැල්ලවත්ත ප්‍රදේශයේ අක්කර 75ක අන්නාසි වගා කලාපයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. 
 
අපේ රටේ අන්නාසි වගා කරන ප්‍රදේශ ගත්විට ඉතා රසවත්ම අන්නාසි වාර්තා වන්නේ ද මොනරාගල දිස්ත්‍රික්කයෙනි.

නව අදහස දක්වන්න