බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 309කට සීමා වෙයි | දිනමිණ

බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 309කට සීමා වෙයි

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු සිවුදින ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ලකුණු 309කට සීමා විය.

කොළඹ එන්.සී.සී. පිටියේ පැවැත්වෙන තරගයේ ඊයේ දෙවැනි දිනයට ක්‍රීඩාව නතර කරනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් පිල කඩුල්ලක් දැවී ලකුණු 65ක් රැස්කර තිබිණි.

නිපුන් ධනංජය ලකුණු 5ක් සහ නවෝද් පරණවිතාන ලකුණු 35ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

කඩුලු 3ක් ලකුණු 209කට බිඳ වැටී තිබියදී ඊයේ දිනය ඇරැඹු බංග්ලාදේශ යොවුන් පිලට අවසන් කඩුලු 7 සඳහා තවත් එක්කර ගත හැකිවූයේ ලකුණු 100ක් පමණි.

නොදැවී කඩුල්ලේ රැදී සිටි තව්හිඩ් රිඩෝයී (54) සහ ශමිම් හුසේන් (43) ට ඊයේ ලකුණු රැස් කිරීමට අවස්ථාවක් නොලැබිණි.

අශේන් ඩැනියෙල් යැවූ දිනයේ යැවූ පළමු ඕවරයෙන්ම ශම්මි හොසේන් දැවී ගිය අතර රොහාන් සංජයගේ පන්දුවකින් දැවී ගියේය. ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් හමුවේ ඊයේ දිනයේ සාර්ථක වීමට හැකිවූයේ අමිත් හසන්ට පමණි. පන්දු 99කට මුහුණදුන් ඔහු හතරේ පහර 6ක් සමගින් ලකුණ 64ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

පන්දු යැවීමේදී චමිඳු විජේසිංහ කඩුලු 4ක් දවාගත් අතර අශේන් ඩැනියෙල්, සඳුන් මෙන්ඩිස් සහ රොහාන් සංජය කඩුලු 2 බැගින් දවා ගත්හ.

අද තරගයේ තෙවැනි දිනයයි.

බංග්ලාදේශ යොවුන් පිල පළමු ඉනිම - 309 (ඕවර 96.1) අමිත් හසන් 64, තව්හිඩ් රිඩෝයී 54, නව්රෝස් නබිල් 45, ශමිම් හොසේන් 43, ටන්සිඩ් හසන් 42 (චමිඳු විජේසිංහ 68/4, අශේන් ඩැනියෙල් 64/2, සඳුන් මෙන්ඩිස් 69/2, රොහාන් සංජය 70/2)

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම - 65/1 (ඕවර 26 ) නවෝද් පරණවිතාන නොදැවී 35

 


නව අදහස දක්වන්න

Or log in with...