තිර­සාර සංව­ර්ධ­නය ගමට ගෙන­යා­ම­ | දිනමිණ

තිර­සාර සංව­ර්ධ­නය ගමට ගෙන­යා­ම­

මීට වසර ගණනාවකට ඉහත දී සොඳුරු ගම්මානයන් මුල් කර ගනිමින් " වැවයි , දාගැබයි, ගමයි, පන්සලයි" නමැති අපූර්ව සංකල්පය බිහි වී තිබුණේ සරල සවයංපෝෂිත අර්තක්‍රමයෙන් උරුම වූවක් ලෙසිනි. එදා ගම වර්තමානයේ දී මුළුමනින්ම වෙනස් වී තිබෙන්නේ ආර්ථික සංවර්ධනයේ යම් යම් විපර්යාස හේතු කර ගෙනය . පහත දැක්වෙන්නේ " ග්‍රාමීය ආර්ථකය සංවර්ධනය කළ හැක්කේ කෙසේ ද? "යන්න පිළිබඳව විද්වත් සටහනකි.

1980 දශකයේ දී රෙදිපිළි ඇඟලුම් කර්මාන්ත 200 ක් ගමට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ අතර, ඊට අමතරව සමස්ථ ආර්ථිකයේ ම ගම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවී ය. ගම් මට්ටමේ ඉහළ අධ්‍යාපනයක් ලත් පුද්ගලයින්, නාගරික ප්‍රදේශවලට හෝ විදේශයන්ට සංක්‍රමණය වීම සිදු වූ අතර ඒ මඟින් ග්‍රාමීය ප්‍රදේශවල පැවති යහපත් ගුණාංග අඩු වීමක් සිදු වී ඇත.

වර්තමානයේ දී වුව ද, මෙරට ග්‍රාමීය ප්‍රදේශ කාර්මීකරණය කිරීමේ ගැටලු රැසක් පවතී. නොදියුණු තාක්ෂණ මට්ටමක් පැවතීම, ව්‍යවසාහකයින්ගේ හිඟකම, ඉහළ අධ්‍යාපනයක් ලත් පුද්ගලයින් නගරයට සංක්‍රමණය වීම,විශාල ආයෝජනයක් කිරීමට ප්‍රමාණවත් සම්පත් නොලැබීම, යැපුම් මට්ට‍මේ හෝ දේශීය වෙළෙඳපොළට පමණක් සැපයිය හැකි කර්මාන්ත පැවතීම ද, මෙහි දී වැදගත් වේ.

ග්‍රාමීය ආර්ථිකය, නඟා සිටුවීම සඳහා පළමුව එම ප්‍රදේශවල ජනතාවට සාක්ෂරතාවය ලබා දිය යුතු ව පවතී. සම්ප්‍රදායික සාක්ෂරතාවයට අනුව සම්ප්‍රදායික සාක්ෂරතාවය පිළිබඳ නිර්වචනයට අනුව මෙරට ජනගහනයෙන් ඉතා ඉහළ ප්‍රතිශතයකට ලිවීමට හා කියවීමට හැකි වුව ද , වර්තමාන නිර්වචනය වන විවිධ භාෂා කථා කිරීම හා ලිවීම, අවබෝධ කර ගැනීම, පරිගණක හා තොරතුරු සාක්ෂරතාවය මූල්‍ය සාක්ෂරතාවය සහ ජාලගත වීම, යනාදිය ග්‍රාමීය ප්‍රදේශවල ඉතා අඩු මට්ටමක පවතී. වර්තමානයේ ලංකාවේ ග්‍රාමීය නිවාසවල ස්ථාවර සහ ජංගම පරිගණක භාවිත වන්නේ 21% ක් පමණි. එම නිසා ග්‍රාමීය ප්‍රදේශවල මෙරට පරිගණක සාක්ෂරතාවය පවතින්නේ 27% ක් පමණි. මෙය ග්‍රාමීය සාක්ෂරතාවයට සෘජු බලපෑමක් කරන ලක්ෂණයක් ලෙස දැකිය හැකි ය. විශේෂයෙන් ම ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට අවශ්‍ය වන කර්මාන්ත සැළසුම් කිරීම හෝ සේවා අංශයන් හඳුනා ගැනීමේ දී නවීන තාක්ෂණය භාවිතා කරන කණ්ඩායම් අවශ්‍ය වන අතර, පරිගණක සාක්ෂරතාවය පහළ මට්ටමක පැවතීම, එයට එල්ලවන විශාල බලවේගයක් ලෙස දැකිය හැකි ය.

ග්‍රාමීය ආර්ථිකය , දියුණු කිරීමේ දී කෘෂිකර්මයේ එලදායීතාවය වැඩි දියුණු කිරීම සඳහා යන්ත්‍රීකරණය කිරීම, පරිගණකකරණය, ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය වන සාධක ලෙස හඳුනා ගත හැක. උදාහරණ වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල පවතින වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පය, සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීමේ දී ඉහතින් දැක්වූ සාක්ෂරතාවය, දියුණු කිරීම මඟින් විශාල පිටුවහලක් ලබා ගත හැකි ය.

සටහන- මදාරා මුදලිගේ

කොළඔ විශ්ව විද්‍යාලයේ මූල්‍ය හා කළමණාකරණ පිඨයේ

මහාචාර්ය

එච්.ඩී කරුණාරත්න


නව අදහස දක්වන්න

Or log in with...