‘ප්‍රංශ ජීවන රටාව බෙදා­හ­දා­ගැ­නීම’-සොෆ්ට්ලො­ජික්, Delifrance | දිනමිණ

‘ප්‍රංශ ජීවන රටාව බෙදා­හ­දා­ගැ­නීම’-සොෆ්ට්ලො­ජික්, Delifrance

ප්‍රංශ බේකරි කර්මාන්තයේ සහ අවන්හල් ජාලයේ ප්‍රමුඛයා වන ඩෙලිෆ්‍රාන්ස් (Delifrance) සහ එහි ශ්‍රීලංකාවේ නිල අධිකාරිය සහිත එමෙන්ම සොෆ්ට්ලොජික් හොල්ඩින්ස් සමූහයේ පරිපාලිත සමාගමක්ද වන සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් පුද්ගලික සමාගමේ ආරාධනයෙන් ලෝකප්‍රකට මිචලිනන් ලැයිස්තුගත කිරීමේ තරු දෙකේ සූපවේදියෙක් වන මිෂෙල් රොත් ( Michel Roth) ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටියි. ප්‍රංශ ජාතිකයන්ගේ ජීවන රටාව සම්බන්ධයෙන් අත්දැකීම් ලාංකික පාරිභෝගියකයන් සමගින් බෙදාහදාගැනීම මෙම සංචාරයේ අරමුණයි. සූපවේදී රොත්ගේ ඉතාමත් කෙටි ලංකා සංචාරය අතරතුර දේශීය මාධ්‍ය සහ ඩෙලිෆ්‍රාන්ස් (Delifrance) පාරිභෝගිකයන් හමුවෙමින් සිය සූපවේදී හැකියාව පිළිබද වන අත්දැකීම් බෙදාහදාගැනීමට ඔහු කටයුතු කළා.

‘සොෆ්ට්ලොජික් හි සහය සහ විශේෂඥ දැනුම සමගින් ලංකාව තුළ අප ව්‍යාපාර ජාලය වර්ධනය කිරීමට හැකිවන බව අපට විශ්වාසයි. ලබන වසර වන විට කොළඹ තවත් ස්ථාන කිහිපයකදී අපගේ අලෙවිසැල් විවෘත කිරීමට නියමිත අතර අපගේ මීළග පරම්පරාවේ අවන්හල් සමගින් එක්වී ආකර්ෂධෑය ආහාර පාන රසවිඳීමටත් අපගේ පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවනවා’, යැයි මෙහිදී අදහස් දක්වමින් ප්‍රංශයේ ඩෙලිෆ්‍රාන්ස් (Delifrance) ෆ්‍රැන්චයිස් ජාත්‍යන්තර සමාගමේ අලෙවි සහ මෙහෙයුම් ප්‍රධානී ෆ්‍රැබ්රික්ස් හර්ලෙක්ස් ( Fabrice Herlax) පැවැසුවා.

‘සූපවේදී රොත්ගේ ලංකා සංචාරය සමගින් ඩෙලිෆ්‍රාන්ස් (Delifrance) සහ එහි ශ්‍රී්‍ර ලංකාවේ නිල අධිකාරිය සහිත සොෆ්ට්ලොජික් සමාගම අතර පවතින සමීප සබඳතාව පෙනීයනවා. එමෙන්ම ඩෙලිෆ්‍රාන්ස් (Delifrance) වෙත අනන්‍ය වූ ප්‍රංශ බේකරි වට්ටෝරු සදහා මෙරට හොඳ වෙළෙඳපොළක් ඇති බවත් ඔහු හඳුනාගෙන තිබෙනවා. ශීඝ්‍ර ලෙසින් නාගරීකරණයට ලක්වන මෙරට ජනතාව වෙනස් ආකාරයේ ආහාර අත්විඳීමට ඇති කැමැත්ත හේතුවෙන් තමන්ගේ වෙළෙඳපොළ කොටස වර්ධනය කරගැනීමට ඩෙලිෆ්‍රාන්ස් (Delifrance) සූදානමින් පසුවනවා. ප්‍රංශ ආහාර වට්ටෝරු සදහා මෙන්ම කැෆේ උප සංස්කෘතිය සඳහා කොළඹ නගරය සමීපයේ වාසය කරන නාගරික ජනතාව අතර දැඩි රුචිකත්වයක් පවතින අතර එය දිනෙන් දින වර්ධනය වනවා’ යැයි මෙහිදී අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් සමූහයේ සමූහ අලෙවි අධ්‍යක්ෂ ඩෙසරී කරුණාරත්න මහත්මිය පැවැසුවා.

ජාත්‍යන්තර වශයෙන් ප්‍රංශ බේකරි කර්මාන්තයේ සහ අවන්හල් කලාවේ ප්‍රමුඛයා වන ඩෙලිෆ්‍රාන්ස් (Delifrance) වෙතින් දේශීයයන්ගේ කටට රසට ගැලපෙන අද්විතීය ආහාර වට්ටෝරු ලබාගැනීමට හැකි අතර ඒ සම්බන්ධයෙන්ද සූපවේදී රොත් විසින් විස්තර කිරීමද විශේෂත්වයක්. පේන් සප්‍රයිස් ආහාරය සහ මිෂෙල් රොත්ගේ ක්‍රොසාන්ට් පැරිස්- කලම්බෝ ආහාරය ඇතුළු තවත් ආහාර වර්ග රැසක් ඔහුගේ උපදෙස් මත සූදානම් කෙරුණු අතර ඒවා රස බැලීමේ අවස්ථාව එහි පැමිණ සිටි පිරිස වෙත හිමිවිණි.

 

නව අදහස දක්වන්න