වැල්ල­වත්ත නිත්‍ය­ක­ල්‍යාණි ජුව­ලරි NCE රන් සම්මාන තුනක් දිනයි | දිනමිණ

වැල්ල­වත්ත නිත්‍ය­ක­ල්‍යාණි ජුව­ලරි NCE රන් සම්මාන තුනක් දිනයි

ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයතනයක් වන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ NCE අපනයන විශිෂ්ටතා 2018 සම්මාන උළෙලේදී මැණික් හා ස්වර්ණාභරණ අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරිහි අපනයන සමාගම වන එන්. ජේ. එක්ස්පෝර්ට්ස් සමාගම මැණික් හා ස්වර්ණාභරණ අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් සහ ඛණිජ සහ ඛනිජ පදනම් කර ගත් නිෂ්පාදන අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

ගුණාත්මකභාවයෙන් අනූන නවීන මෝස්තරයේ ස්වර්ණාභරණ විශ්වාසයෙන් මිල දී ගැනීමට යා යුතු හොඳම තැන ලෙස ජන හද දිනූ නිත්‍යකල්‍යාණි ස්වර්ණාභරණ ආයතනයල ස්වර්ණාභරණ මෝස්තර 25,000 කට අධික අගනා එකතුවකින් සමන්විතය. නිසි ප්‍රමිතියෙන් සුපිරි ප්ලැටිනම්, රත්තරන්, සූදු රත්තරන්, දියමන්ති ආදියෙන් ආභරණ නිපදවන නිෂ්පාදනාගාරයකින් සහ දෙස් විදෙස් පුහුණුව ලැබූ විශේෂඥ දැනුමෙන් සුපිරි පළපුරුදු සේවක මඬුල්ලකින් නිත්‍යකල්‍යාණි ජුවලරි සමන්විතය. CAD, 3D Printing වැනි නව තාක්ෂණික ක්‍රමවේදවලින් පාරිභෝගිකයාගේ සිතැඟි නිමැවුම‘ එලෙසම සැකැසීමේ හැකියාව සතු නිත්‍යකල්‍යාණි ජුවලරි ආයතනය සිය ආභරණ මහා බි්‍රතාන්‍යය, ඩුබායි, කැනඩාව, ස්විට්සර්ලන්තය, ඇමෙරිකාව, ඕස්ටේලියාව ඇතුළු රටවල් 12කට සාර්ථකව අපනයනය කරයි. “මේ ජයග්‍රහණයල අපි කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ ප්‍රතිඵලයක්. පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ඉදිරියටත් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න අපි සුදානම්.” නිත්‍යකල්‍යාණි ජුවලරිහි ප්‍රධාන විධායක නිලධාරි ඒ. පී. ජෙයරාජා මහතා පැවසීය. පාරිභෝගිකයන්ගේ නෙත් සිත් පැහැර ගන්නා නව විලාසිතාවලින් සපිරි නිත්‍යකල්‍යාණි ස්වර්ණාභරණ ආයතනය (www.nithyakalyani.com) දශක හතරක ඉතිහාසයකට උරුමකම් කියන දේශීය ආයතනයකි.

නව අදහස දක්වන්න