වේල්ස් කුමර-මහරගම ජනාධිපති විදුහල් ප්‍රථම හොකී සටන අද | දිනමිණ

වේල්ස් කුමර-මහරගම ජනාධිපති විදුහල් ප්‍රථම හොකී සටන අද

ඩිල්වින් මෙන්ඩිස්
මොරටුව වේල්ස් කුමර හොකී සංචිතය - ඉදිරි පෙළ (වමේ සිට) - චතුරංග දිනේෂ් (පුහුණුකරු), චමිලා නාමලි සුභසිංහ මිය (හොකී භාර ආචාරිනි), මිසල මනෙත් (නායක), කුසල ජේ. ප්‍රනාන්දු (විදුහල්පති), වජිර අබේවික්‍රම (සහකාර විදුහල්පති, ක්‍රීඩා භාර ආචාර්ය), ඔෂේන් වත්සල (උප නායක), මැද පෙළ (වමේ සිට) - තෙවිරු රාජපක්‍ෂ, ෂෙහාර සෙනෙත්, තරුෂ දේවින්ද, මිතෝල් දක්ෂිත, සදිත පසන්දුල්, කවිශ්ක පෙරේරා, ජිමිත් තේජාන්, ගිම්හාන පෙරේරා, මිතෝල් රශ්මික, බුද්ධි චමත්, අනුහස් විහඟ, පසු පෙළ (වමේ සිට) - හසිත් නෙත්මිර, චමත් තිනෙත්, හරිඳාු සේජාන්, ජනිත් අයෝධ්‍ය, රශික රන්කොත්, සුමිත් අංජන, නදුන් විජේසිංහ, දිමුතු රන්කිත, රිවිත් තාරක

මොරටුව වේල්ස් කුමර විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර පැවැත්වෙන ‘ද බැට්ල් ඔෆ් ද ප්‍රයිඩ්ස් - 2018’ ප්‍රථම මහා හොකී තරගය අද (19) සවස 3.00 ට කොළඹ 07 රීඩ් මාවතේ ඇස්ට්‍රො හොකී තණතිල්ලේදී පැවැත්වේ. මේ තරගයේ සංවිධාන කටයුතු ජනාධිපති විද්‍යාලයේ ආදි හොකී ක්‍රීඩකයන්ගේ සංගමය විසින් සිදුකරන අතර තරගය ආරම්භ කිරීමට පුරෝගාමි වූයේ මහරගම ජනාධිපති විදුහලේ වසන්ත කුමාර මහතාත් වේල්ස කුමර විදුහලේ විදුහල්පති කුසල ජේ ප්‍රනාන්දු මහතාත් විසිනි. වසර 1938-1940 අතරතුර වේල්ස් කුමර විදුහ‍ලේ පැවැති හොකී ක්‍රීඩාව නතර වූ අතර අනතුරුව හොකී ක්‍රීඩකයෙකු වන සී. ජයසූරිය මහතා 1957දී හොකී ක්‍රීඩාව ආරම්භ කළේය. එහෙත් 1959 වසරේ යළිත් නතරවු හොකී ක්‍රීඩාව යළි විදුහල්පති ධුරයට පත්වූ එච්. එල්. බී. ගෝමස් මහතා විසින් 1990 දී ආරම්භ කෙරිණි. එලෙසම ක්‍රිකට් ක්‍රීඩාවට නමක් ලබා ඇති මහරගම ජනාධිපති විදුහලත් එම පාසලේ හිටපු හොකී ක්‍රීඩකයන් විසින් ආරම්භ කර ඇති ආදි හොකී ක්‍රීඩා සමාජයේ අනුග්‍රහය ඇතිවය ඔවුන් ඉදිරියට යමින් සිටින අතර විදුහල්පති වසන්ත කුමාර මහතාගේත් ක්‍රීඩා භාර ආචාර්ය ඩබ්. ඩී. නෙල්සන් ප්‍රනාන්දු මහතාගේත් පුහුණුකරු සී. කේ. රූපසිංහ මහතාගේත් කැපවීම මත ඉදිරියට යමින් පවතී.

නව අදහස දක්වන්න