දක්ෂිණ අධිවේගී මඟේ පැළ සිටුවයි | දිනමිණ

දක්ෂිණ අධිවේගී මඟේ පැළ සිටුවයි

ජාතික රැක් රෝපණ වැඩ සටහනට සමගාමීව පින්නදුව පිවිසුම් මාර්ගය දෙපස පැළ සිටුවීම ජාතික සංවර්ධන බැංකුවේ දකුණු කලාප කළමනාකාරිත්වය අනුග්‍රයෙන් සිදුකෙරෙණි. මෙම සමාජ සත්කාරක වැඩසටහන යටතේ මී,කුඹුක්,කරඳ, වැනි වටිනා ශාක පැළ දහසක් සිටුවිය .දිනකට අධිවේගි මාර්ගයේ රථ වාහන ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ධාවනය වන හෙයින් පරිසරයට මුදා හැරෙන අධික කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා පරිසරය දුෂණයට ලක්වේ.

මෙම තත්වය සමතුලිත ‍කොට පරිසරය ආරක්ෂා කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ. ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා,දකුණු පළාත් කළමනාකරු තිලණ ගමගේ, දක්ෂිණ අධිවෙගි මාර්ගයේ කෘෂි උපදේශක චමිල ගමගේ ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි වුහ.

යක්කලමුල්ල විශේෂ කුමාර උයරත්න

නව අදහස දක්වන්න