පළාත් පාලන ආයතනවලට බලය බෙදීමෙන් සැබෑ සංවර්ධනයක් ඇති වෙනවා | දිනමිණ

පළාත් පාලන ආයතනවලට බලය බෙදීමෙන් සැබෑ සංවර්ධනයක් ඇති වෙනවා

පළාත් පාලන ආයතනවලට බලය උපරිම ලෙස ලබාදිය හැකි නම් එමඟින් සැබෑ සංවර්ධනයක් සිදු කිරීමට හැකි වන බව පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.

එමඟින් ජනතා හිතකාමී අයුරින් ප්‍රශ්න විසඳීමට හැකි වන්නේ මෙම ආයතන ශක්තිමත් කිරීමෙන් පමණක් බවත් පළාත් පාලන ආයතන ශක්තිමක් නොකර රට ඉදිරියට ගමන් නොකරන බවත් පැවසූ අමාත්‍යවරයා ජනතාවගේ ප්‍රශ්න ජනතාවට තනිව විසඳාගැනීමට හැකි වන්නේ පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමෙන් බවත් කීවේ ය.

ඩිප්ලෝමා සහතිකපත් ලාභීන්ට තම දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන ලෙසත් ඇමතිවරයා ඉල්ලා සිටියේ ය.

එදින සහතිකපත් ලාභීන් ට උපාධිය දක්වා අවශ්‍ය වන අධ්‍යාපන කටයුතු ලබා දීම සඳහා මෙඑට විශ්ව විදයාල කිහිපයක් සමඟ මෙන්ම පිටරට විශ්ව විද්‍යාල සමඟ ද සාකච්ඡා කරන බවත් පැහැදිලි කළේ ය.

ඒ මහතා මේ බව පැවසුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (18) ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි. එහිදී පළාත් පාලනය පිළීබඳ ඉංජිනෝරු පාඨමාලාව, පළාත් පාලනය හා ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලාවට අදාලව විශිෂ්ඨ සම්මාන, සාමාන්‍ය, විශිෂ්ට සාමාර්ථ ප්‍රදානය හා විශේෂ සම්මාන ප්‍රදානය සිදු විණී.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේ ය. ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය විසින් 10 වැනි වරට මෙම සහතික පත් ප්‍රදානය සිදු කරනවා. පළාත් පාලන ක්ෂේත්‍රයේ දී සෘජුවම විධායක බලය ක්‍රියාත්මක කරන දේශපාලනඥයන් සමඟ කටයුතු කිරීම දී අභියෝග තිබෙනවා. ඒ අභියෝග අනිකුත් රාජ්‍ය නිලධාරින්ට තිබෙන අභියෝග වලට වඩා වෙනස් වෙනවා. ඒවාගේම පළාත් පාලන ක්ෂේත්‍රයට වෙලා තිබෙන දෙය අපි දකිනවා. දූෂණය, වංචාව, නාස්තිය වැඩි වෙලා තිබෙනවා. තමන්ගේ ආදායම උපයනවාට වඩා රජය මත යැපී ආදායම් පියවීම බොහෝ පළාත් පාලන ආයතන වල සිදු වෙනවා.

දැනුම අත්දැකීම් ක්‍රියාත්මක කිරීමට අභියෝග තිබෙනවා. සෘජුවම විධායක බලය ක්‍රියාත්මක කරන දේශපාලඥයන් සමඟ කටයුතු කිරීමේ දී අභියෝග තිබෙනවා. දේශපාලනඥයෝ හුඟාක් ඇහුම්කම් දෙනවා අඩු යි. සෘජුවම බලය ක්‍රියාත්මක කරන දේශපාලඥයන් සමඟ කටයුතු කිරීමේ දී අභියෝග වලට මුහුණ දීමට සිදු වනවා කියන එක නොරහසක් නොවේ.

රජයේ නිලධාරීන්ගේ දැනුම වැඩි කර එය පළාත් පාලන ආයතන වලට ගෙනියන්න අපි උත්සහායක් දරා තිබෙනවා.ඒ තුළින් යම් යම් වෙනස්කම් වූ බවට මම විශ්වාස කරනවා. මෙවැනි පාඨමාලා හරහා ලබා ගත් දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න.විනිවිදභාවය ඇති කිරිමට කාර්යකෂමතාවය ඇති කිරීමට සිදු කල හැකි දෑ පිළිබඳව දේශපාලන අධිකාරියට කියන්න.එය අවශ්‍ය යි.

පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා - ශ්‍රී ලංකා පළාත් පාලනය පිළීබඳව ආයතනය විසින් විවිධ ක්ෂේත්‍ර වල ඩිප්ලෝමා විශාල ප්‍රමාණයක් හඳුන්වා දී තිබෙනවා. මහජනතාව වෙතට ගෙන යන වැඩපිළවෙල තුල මෙම ඩිප්ලෝමා පාඨමාලා සිදු කරන්නනේ විශාල කාර්යය භාර්යයක්. ප්‍රාද්ශීය සංවර්ධනය සම්පර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නට නම් පළාත් පාලන ආයතන තුල දක්ෂ වෘත්තීයවේදීයෙක්, විශේෂඥයෙක් වෙන්න අවශ්‍ය යි. ඒ තත්ත්වයට ඒම සඳහා මෙවැනි පාඨමාලා හැදෑරීම දැනුම යාවත්කාලීන කර ගැනීමට අවශ්‍ය යි. මෙම සහතික ලබා ගැනීම හරහා දැනුම ප්‍රායෝගිකව භාවිතා කල යුතු වෙනවා. තම ආයතනය තුළ ඩිප්ලෝමාවෙන් ගත් වෙනස පෙන්විය යුතුයි.

එහිදී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින්ද පළාත් පාලන ආයතන සහතිකපත්ලාභීන්ට ජීවිතයට මෙන්ම තම වෘත්තීමය ජීවිතයට ද ලබා ගත හැකි අදහස් රැසක් සමඟින් දේශනයක් පවත්වනු ලැබිණී. එහිදී උපකුලපතිවරයා විසින් ප්‍රධානව පවසනු ලැබුවේ පළාත් පාලන නිලධාරීන් ලෙස ජනතාවගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කර නොගෙන අන් අයගේ දේවල් සඳහා වටිනාකම ලබා නොදුනහොත් ඉන් ඵලක් නොවන බවයි.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න