ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අරමුණුවල දෙවැනි අරමුණ වෙනුවෙන් සූදානම් | දිනමිණ

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අරමුණුවල දෙවැනි අරමුණ වෙනුවෙන් සූදානම්

 ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අරමුණුවල දෙවැනි අරමුණ වන කුසගින්න අවසන් කිරීම නැමැති ඉලක්කය ළඟා කර ගැනීමෙහිලා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත නීනා බ්‍රැන්ඩ්ස්ට්‍රප් මහත්මිය පැවසුවාය.
 
ඇය මේ බව කියා සිටියේ පසුගියදා කොළඹ බණ්ඩාරනාය සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති ලෝක ආහාර දින සැමරුම් වැඩසටහනට එක් වෙමිනි.
 
‘අපේ අනාගතය උදෙසා අපි ක්‍රියා කරමු - 2030දී කුස ගින්නෙන් තොර පෝෂණයෙන් යුත් ලෝකයක්‘ යන තේමාවෙන් මෙවර ලෝක ආහාර දිනය සමරන ලදි. මෙම සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
 
 ඌණ පෝෂණය සහ අහිතකර ආහාර ගැනීමේ මූලික හේතු වන පාරිභෝගික නොදැනුවත්භාවය, පෝෂදායී ආහාර ලබා ගැනීමේ ඇති දුෂ්කරතාවය, ආහාර මිලදී ගැනීමේ නොහැකියාව යන ගැටළුවලට ඉක්මන් විසදුම් ලබා දීම මගින් අඛණ්ඩව ආර්ථික වර්ධන සහ සංවර්ධනය ළඟා කර ගත හැකි බව මෙම අවස්ථාවය එක්වෙමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙලේ ශ්‍රී ලංකා නියෝජිත බ්‍රෙන්ඩා බාර්ටන් මහත්මිය පැවසුවාය. 
 
මෙවර 2018 ලෝක ආහාර දින වැඩසටහන රජය, සංවර්ධන හවුල්කරුවන්, අධ්‍යාපනවේදීන් සහ තරුණයන් ඇතුළුව විවිධ ආයතන නියෝජනය කරන පාර්ශ්වයන් සිය දහස් ගණනක් එක් රැස්කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ‘2030 දී පෝෂණයෙන් යුත් ශ්‍රී ලංකාවක්‘ යන ප්‍රතිඥාව අත්සන් කරමින් මෙම වැඩසටහන් වර්ණවත් කරන ලදි. 
 
 
 
 
 
 
 
 

නව අදහස දක්වන්න