මාධ්‍යවේදී ජමාල්ගේ මරණයේ පටිගත කළ සාක්ෂි ලබාදෙන්න | දිනමිණ

මාධ්‍යවේදී ජමාල්ගේ මරණයේ පටිගත කළ සාක්ෂි ලබාදෙන්න

මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ මරණය සම්බන්ධයෙන් පටිගත කරන ලද සාක්ෂි ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කියෙන් ඉල්ලීමක් කර තිබේ. ඔවුන් මේ ඉල්ලීම කර ඇත්තේ අතුරුදන්ව සිටි කෂෝගීගේ කොටස් කළ සිරුර ඉස්තාන්බූල්හි සෞදි කොන්සල් කාර්යාලය තුළ තිබී හමුවූ බව තුර්කිය ප‍්‍රකාශ කිරීමත් සමඟයි.

පසුගිය දිනෙක තූර්කියේ ඉස්තාන්බූල්හි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළුවීමෙන් පසු කෂෝගී පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති වූ අතර ඔහු අතුරුදන් බවට මාධ්‍ය වාර්තා කළේය . තුර්කිය මාධ්‍යවේදියා සොයා අඛණ්ඩව පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඔහුගේ සිරුර සොයාගත් බව එම රජය ප‍්‍රකාශ කරන ලදී. එහෙත් මාධ්‍යවේදියාගේ මිය යාම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව සෞදි අරාබිය පවසයි. ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියට එල්ල වන චෝදනාවලින් ඔවුන් නිදහස් කර ගැනිමට ඇමරිකාව උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය චෝදනා එල්ල කරනු දක්නට ලැබේ.

නව අදහස දක්වන්න