ගාල්ලට විතරක් අමුතු නීති | දිනමිණ

ගාල්ලට විතරක් අමුතු නීති

ගාල්ල නගර සීමාව තුළ පදිංචිව සිටින දරුවන් රැසකගේ 2019 වසර සඳහා පළමු ශ්‍රේණියට ඉල්ලුම්කළ අයැදුම්පත් රැසක් ප්‍රතික්ෂේප කර ඇත.

උපන්දා සිට නගර සභාව සතු ඉඩම්වල වරිපනම් බදු ගෙවමින් මේ දක්වා පදිංචිව සිටින මේ වැසියන් පදිංචිය තහවුරු කිරීම සඳහා ලබාදී ඇත්තේ නගරසභාව විසින් දෙන ලද දේපළ තක්සේරුවයි. මේ වසරේ ඉදිරිපත්කර ඇති නව චක්‍රලේඛනය අනුව නගර සභාව විසින් ලබාදෙන දේපළ තක්සේරුව ආසන්නතම පදිංචිය තහවුරු කිරීමට අපොහොසත් ලේඛනයක් බව ‍පවසමින් සෑම විදුහලකින්ම මේ දරුවන‍්ගේ ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප කර ඇත.

මේ ජනතාව දැනට වසර පනහකට වැඩි කාලයක සිට නගර සභාව සතු ඉඩම්වල ජීවත්වන අතර ඒ සඳහා නිකුත්කර ඇති බලපත්‍ර ද ඔවුන් සතුවේ. එහි ජල, විදුලි බිල්පත්ද ඔවුන්ගේ නමින් ගෙවා ඇත.

මීට පෙර වසරවලදී මෙවන් ගැටලුවක් ඇති නොවනු අතර මෙම වසරේදී මෙවැනි ගැටලුවක් ඇතිවීම නිසාවෙන් දරුවන් මෙන්ම මවුපියෝද අසීරුවට පත්ව සිටිති.

උපන්දා සිට මෙම ඉඩකඩම්වල ජීවත්වන අපගේ ඡන්දය පාර්ලිමේන්තු නියෝජිතයන් ‍තෝරා ගැනීමට බලාත්මක වන්නේනම් දරුවන්ට පාසල් අධ්‍යාපනය අහිමි වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරති.

සමින්ද උදයකුමාර

නව අදහස දක්වන්න