තරගයෙන් තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ලවූවත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ කණ්ඩායම ලෙස තවදුරටත් සිය ආධිපත්‍ය පතුරුවලමින් සිටින සත්කාරක එංගලන්තය හමුවේ තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ තව දුරටත් රැඳී සිටීමට ඇති අවසන් අවස්ථාවට මුහුණදීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී සිවුවැනි තරගයට එක්වෙයි.
දෙපිල අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ දඹුල්ලේ පැවැති පළමු තරගය මුළුමනින්ම වර්ෂාවෙන් සේදී ගිය අතර එම ක්‍රීඩාංගණයේදීම පැවැති දෙවැනි තරගය ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට අනුව ලකුණු 31කින් ජයගත් එංගලන්ත පිල පසුගියදා පල්ලෙකැලේ පැවැති ඕවර 21කට සීමා වූ තුන්වැනි එක්දින තරගය කඩුලු 7කින් ජයගෙන තරග 2-0කින් පෙරමුණ ගෙන සිටී.
අඩුවැඩි නැතිව දෙපිලටම එක හා සමානව වර්ෂාවෙන් බාධා සිදුවූවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නම් තමන්ට සුපුරුදු දේශගුණික තත්ත්වය මැද සංචාරකයන්ට කිසිදු ආකාරයක අභියෝගයක් එල්ල කිරිමට හැකිනොවීම කනගාටුදායක කරුණකි. එබැවින් දිවා තරගයක් ලෙස අද පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය මේ තරගාවලිය සමකරගැනීමට හෝ පරාජයෙන් බේරී සිටීමට ශ්‍රී ලංකා පිලට ලැබෙන අවසන් අවස්ථාව වනු ඇත.
වසර 2017 ජනවාරියේ දී ඉන්දියාව හමුවේ පරාජයට පත්විමෙන් පසුව මේ දක්වා එක දිගට එක්දින තරගාවලි 8ක් ජයගැනීමට සමත්වී සිටින ඉයන් මෝගන්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණ මාවත අහුරා දැමීමට නම් අද තරගය ශ්‍රී ලංකා පිල ජයගත යුතුමය. අනිත් අතට එකදිගට දැඩි පසුබැමකට ලක්වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන මස ආරම්භ වන දෙපිල අතර ටෙස්ට් තරගමාලාවට පෙර සිය මානසිකත්වය ඉහළ දමාගැනීමත් අත්‍යවශ්‍ය කරුණකි.
දකුණු අප්‍රිකානු පිලේ පසුගිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර පැවැති එක්දින තරගාවලියේ මුල් තරග 3ම පරාජයට පත්වී සිටි ශ්‍රී ලංකා පිල යළි නැගී සිටිමින් ඉතිරි තරග 2ම ජයගැනීමට සමත්විය. එබැවින් අද පැවැත්වෙන සිවුවැනි තරගයේදී ශ්‍රී ලංකා පිල එවැනිම සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.
චන්දිමාල් සුවෙන්
මේ අතර තුන්වැනි එක්දින තරගයේ එංගලන්ත පිල පිතිහරඹයේ නිරතව සිටියදී ක්ලාන්ත ගතියක් ඇතිවීම නිසා පිටියෙන් ඉවත්වූ ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් සුපුරුදු සුවෙන් පසුවන බව කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක මහතා ‘දිනමිණ’ට ප්‍රකාශ කළේය. එම තරගයෙන් පසුව පැවැති ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවට ද චන්දිමාල් එක් නොවූ අතර පසුව වෛද්‍ය පරීක්ෂණයකට ද පෙනී සිටියේය. ඔහු අද තරගයේදී කණ්ඩායම මෙහෙයවන බව සේනානායක මහතා සඳහන් කළේය.
නව අදහස දක්වන්න