කාන්තා ලෝක කුස­ලා­න­යට ඕෂධී හා ඉනූෂි කණ්ඩා­ය­මට එක්වෙති | දිනමිණ

කාන්තා ලෝක කුස­ලා­න­යට ඕෂධී හා ඉනූෂි කණ්ඩා­ය­මට එක්වෙති

ෆවුස් මොහොමඩ්

ලබන මස මුල් භාග­යේදී බට­හිර ඉන්දීය කොදෙව් දූපත් හී ඇරැ­ඹෙන ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සිල කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන තර­ග­මා­ලාව සඳහා චමරි අත­ප­ත්තුගේ නාය­ක­ත්ව­යෙන් නම් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ඕෂධී රණ­සිංහ සහ ඉනූෂි ප්‍රනාන්දු ඇතු­ළත් වී සිටිති.

ක්‍රීඩා අමාත්‍ය ෆයි­සර් මුස්තාෆා මහ­තාගේ පූර්ණ අනු­මැ­තිය යටතේ නම් කළ ක්‍රීඩි­කා­වන් 15 දෙන­කු­ගෙන් සම­න්විත ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 පිලට අත්දැ­කීම් බහුල ක්‍රීඩි­කා­වන් මෙන්ම යොවුන් ක්‍රීඩි­කා­වන් ද ඇතු­ළත් වීම කැපී පෙනේ.

රත්ගම දේව­ප­ති­රාජ විදු­හල් පිලේ කවීෂා දිල්හාරි ලාබා­ල­තම ක්‍රීඩි­කාව ලෙස ලෝක කුස­ලාන තරග වරම් ලබන මේ තර­ගා­ව­ලිය නොවැ­ම්බර් මස 9 වැනිදා සිට 24 දක්වා පැව­ත්වෙයි.

ඕෂධී සහ ඉනූෂි කණ්ඩා­ය­මට එක්වී සිටින්නේ පසු­ගි­යදා ඉන්දීය පිල සමග පැවැති විස්සයි20 තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කළ ඉමල්කා මෙන්ඩිස් සහ අනුෂ්කා සංජී­වනී වෙනු­ව­ටය. කෙසේ­වෙ­තත් මේ ක්‍රීඩි­කා­වන් දෙදෙනා අති­රේක ක්‍රීඩි­කා­වන් ලෙස නම් කර තිබේ.

6 වැනි වරට පැවැ­ත්වෙන අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩ­යෙන් තරග වදින අතර ඊට එංග­ල­න්තය, දකුණු අප්‍රි­කාව, සත්කා­රක කොදෙව් පිල සහ බංග්ලා­දේ­ශය ඇතු­ළත්ය. ඔස්ට්‍රේ­ලි­යාව, ඉන්දි­යාව, නව­සී­ල­න්තය, පාකි­ස්තා­නය සහ අය­ර්ල­න්තය ‘බී’ කාණ්ඩය යටතේ තරග බිමට පිවි­සෙයි.

ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 කණ්ඩා­යම මෙසේය - චමරී අත­පත්තු (නායිකා), යසෝධා මෙන්ඩිස්, ශෂි­කලා සිරි­ව­ර්ධන, ඉෂානි ලොකු­සූ­රිය, හසිනි පෙරේරා, අමා කාංචනා, රෙබේකා වැන්ඩර්ට්, දිලානි මනෝ­දරා, නිලක්ෂි ද සිල්වා, ශ්‍රීපාලී වීර­ක්කොඩි, උදේ­ශිකා ප්‍රබෝ­ධනී, සුග­න්ධිකා කුමාරී, කවීෂා දිල්හාරී, ඕෂධී රණ­සිංහ, ඉනූෂි ප්‍රනාන්දු.

අති­රේක - ඉමල්කා මෙන්ඩිස්, අනුෂ්කා සංජී­වනී, නිපුනි හංසිකා, හර්ෂිතා මාධවී, ඉනෝකා රණ­වීර

නව අදහස දක්වන්න