පාකි­ස්තා­නය ලකුණු 373කින් ඔස්ට්‍රේ­ලි­යාව පර­ද­වයි | දිනමිණ

පාකි­ස්තා­නය ලකුණු 373කින් ඔස්ට්‍රේ­ලි­යාව පර­ද­වයි

සංචා­රක ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් කණ්ඩා­යම සමග පැවැති දෙවැනි ටෙස්ට් තර­ග­යෙන් ලකුණු 373ක දැවැන්ත ජයක් අත්කර ගැනී­මට පාකි­ස්තාන ක්‍රිකට් කණ්ඩා­යම ඊයේ සමත් විය.

මේ සම­ගින් තරග 2කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය 1-0කින් ජය ගැනී­මට පාකි­ස්තා­න­යට හැකි­විය.

ඩුබා­යි­හිදී පැවැති තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් පාකි­ස්තා­නය පළමු ඉනි­මට ලකුණු 282ක් රැස්කළ අතර ඔස්ට්‍රේ­ලි­යා­වට ලබා­ගත හැකි­වූයේ ලකුණු 145ක් පමණි. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ පාකි­ස්තා­නුවෝ කඩුලු 9ක් දැවී ලකුණු 400ක් ලබා සිටි­යදී ඉනිම අත්හි­ට­වූයේ ඔස්ට්‍රේ­ලි­යා­වට ලකුණු 538ක දැවැන්ත ඉල­ක්ක­යක් ලබා­දෙ­මිනි.

එම ඉල­ක්කය හඹා­ගිය ඔස්ට්‍රේ­ලි­යා­වට සිය­ල්ලන් දැවී ලබා­ගත හැකි­වූයේ ලකුණු 164ක් පමණි.

ඉනිම හත­රම ක්‍රීඩා කළ තර­ග­ය­කදී පාකි­ස්තා­නය ජය­ගත් ඉහ­ළම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය සට­හන වෙයි. මින් පෙර 2014 වස­රේදී පාකි­ස්තා­නය විසින් ලකුණු 356කින් ඔස්ට්‍රේ­ලි­යාව පැර­ද­වීම ඉහ­ළම ජය­ග්‍ර­හ­ණය ලෙස සට­හන්ව තිබිණි.

ඔස්ට්‍රේ­ලි­යානු පළමු ඉනිමේ සහ දෙවැනි ඉනිමේ දී කඩුලු 5 බැගින් බිඳ දැමූ මොහො­මඩ් අබ්බාස් අව­සන් තර­ගයේ මෙන්ම තර­ගා­ව­ලියේ වීරයා ලෙස නම් කෙරිණි. ජය පරා­ජ­යෙන් නිමාවූ පළමු තර­ග­යේදී අබ්බාස් කඩුලු 7ක් බිඳ හෙළා තිබිණි.

පාකි­ස්තාන පළමු ඉනිම - 282 (ඕවර 81) ෆකාර් සමාන් 94, සර්ෆ්‍රාස් අහ්මඩ් 94 (නේතන් ලයන් 78/4, මාර්මස් ලැබ­ස්චේග්නේ 45/3) සහ දෙවැනි ඉනිම - 400/9 (120) බාබර් අසාම් 99, සර්ෆ්‍රාස් අහ්මඩ් 81, ෆකාර් සමාන් 66, අසාර් අලී 64 (නේතන් ලයන් 135/4)

ඕස්ට්‍රේ­ලියා පළමු ඉනිම - 145 (ඕවර 50.4) (මොහො­ඩම් අබ්බාස් 33/5, බිලාල් අසිෆ් 23/3) සහ දෙවැනි ඉනිම - 164 (ඕවර 49.4) (මොහො­මඩ් අබ්බාස් 62/5, යසීර් ෂා 45/3)

නව අදහස දක්වන්න