මහින්ද රාජපක්ෂ මහත්තයා සමඟ මගේ පෞද්ගලික අමනාපයක් තිබුණේ නැහැ. නමුත් එයාගෙ පාලනය ගැන මම කලකිරිලා හිටියා. ඒ නිසා මමත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මයත් මහින්ද රාජපක්ෂ මහත්තය අතහැර වෙනම තීන්දුවක් ගත්තා යැයි සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
ඒ මහතා එසේ පැවසුවේ අම්බලන්ගොඩ අරුනැල්ල පදනම මගින් ගාලු ජනතාවගේ ප්‍රණාමය පුද කිරීම නිමිත්තෙන් අම්බලන්ගොඩ ඌරවත්තේ සී බ්‍රිස් හෝටලයේ දී පැවැති උත්සවය අමතා කතා කරමිනි.
එහිදී අරුනැල්ල පදනමේ සභාපති අරුණ තක්ෂිල සිල්වා මහතා විසින් ගාලු ජනතාවගේ ප්‍රණාමය පුද කිරීමේ තිළිණයක් ඇමතිවරයා වෙත පිරිනැමීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
එදා අපි එළියට බැහැල ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන කොට මමවත් හිතුවෙ නැහැ අපිට දිනන්න පුළුවන් කියලා. නමුත් මේ රටේ උගතුන් බුද්ධිමතුන් ශිෂ්‍ය ක්‍රියාකාරීන් හා පොදු මහජනතාවගේ කැපවීම හා උනන්දුව නිසා අපට ජය ගන්න හැකි වුණා. අපි මාධ්‍ය නිදහස ලබා දුන්නා. ස්වාධීන කොමිෂන් පිහිටෙව්වා. අද වන විට ඒ නිදහස පාවිච්චි කරමින් ඇතැම් ජනමාධ්‍ය රජයේ සංවර්ධනය ගැන එක වචනයක්වත් කතා නොකොට රජයට මඩ ගහනවා
මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කොට රෝගී ජනතාවට සහනයක් ලබා දීමට එවකට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි උත්සාහයක් ගත්තා. නමුත් අවාසනාවකට මහින්ද රාජපක්ෂ මහතාගේ රජය ඊට හරස් කැපුවා පමණක් නොව, එයට අදාළ ලියකියවිලි පවා අස්ථාන ගත කළා. යහපාලන රජය බලයට පත් වුණාට පසුව ඒ වැඩපිළිිවෙළ ක්‍රියාත්මක කිරීමට මට හැකි වුණා. ඖෂධ වර්ග හතළිහක පමණ මිල පහත දැම්මා. අක්ෂි කාච හෘද රෝගීන්ට අවශ්‍ය උපකරණ අපි නොමිලේ ලබා දෙනවා. රෝහල් පද්ධතිය වැඩි දියුණු කරන්න පියවර ගත්තා. මේ පළාතේ බලපිටිය රෝහලට තට්ටු දහයක ගොඩනැගිල්ලක් දැනට ඉදිකරගෙන යනවා. කරාපිටිය රෝහලට පමණක් රුපියල් කෝටි ගණනක් වැය කොට වැඩි දියුණු කරන්න පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ලංකාවට අවශ්‍ය ඖෂධ ලංකාවේම නිෂ්පාදන කරන්න මේ රජය මේ වන විටත් කටයුතු කර තිබෙනවා. මේ නිසා ලංකාවේ විදේශ විනිමය රැක ගැනීමටත් අපට හැකි වී තිබෙනවා. මේ සංවර්ධනය ගැන වචනයක්වත් පළ කරන්නේ නැති ඇතැම් මාධ්‍ය රෝහල්වල පවතින සුළු අඩුපාඩු උලුප්පා දක්වමින් රජය ගැන මහජන විරෝධයක් ඇති කරන්න උත්සහ කරනවා. මහින්ද රාජපක්ෂ යුගය මේ විදියට ක්‍රියා කළා නම් මොකද වෙන්නේ කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
තමා වෙනුවෙන් මෙවැනි උපහාර උළෙලක් පැවැත්වීමට අරුනැල්ල පදනමේ සභාපති අරුණ තක්ෂිල සිල්වා මහතා ප්රමුඛ එම සංවිධානය කටයුතු කිරීම පිළිබඳ මා ඒ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන අශෝක ධනවංශ, ජයන්ත ජයවීර, එක්සත් ජාතික පක්ෂයේ අම්බලනක්ගොඩ ප්‍රධාන සංවිධායක ඩෙනට් පනියන්දූවගේ සහ අරුණ තක්ෂිල සිල්වා යන මහත්වරු ද මෙහිදී කතා කළහ.
අම්බලන්ගොඩ සමූහ
ආර්. ඤාණදාස
නව අදහස දක්වන්න