නිද­හස් සෞඛ්‍ය සේවාව නංවන්න සෑම විටම කැප වී ක්‍රියා කර­නවා | දිනමිණ

නිද­හස් සෞඛ්‍ය සේවාව නංවන්න සෑම විටම කැප වී ක්‍රියා කර­නවා

මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා සමඟ මගේ පෞද්ග­ලික අම­නා­ප­යක් තිබුණේ නැහැ. නමුත් එයාගෙ පාල­නය ගැන මම කල­කි­රිලා හිටියා. ඒ නිසා මමත් වත්මන් ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහ­ත්ම­යත් මහින්ද රාජ­පක්ෂ මහ­ත්තය අත­හැර වෙනම තීන්දු­වක් ගත්තා යැයි සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනා­රත්න මහතා පැව­සු­වේය.

ඒ මහතා එසේ පැව­සුවේ අම්බ­ල­න්ගොඩ අරු­නැල්ල පද­නම මගින් ගාලු ජන­තා­වගේ ප්‍රණා­මය පුද කිරීම නිමි­ත්තෙන් අම්බ­ල­න්ගොඩ ඌර­වත්තේ සී බ්‍රිස් හෝට­ලයේ දී පැවැති උත්ස­වය අමතා කතා කර­මිනි.

එහිදී අරු­නැල්ල පද­නමේ සභා­පති අරුණ තක්ෂිල සිල්වා මහතා විසින් ගාලු ජන­තා­වගේ ප්‍රණා­මය පුද කිරීමේ තිළි­ණ­යක් ඇම­ති­ව­රයා වෙත පිරි­නැ­මීය.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

එදා අපි එළි­යට බැහැල ජනා­ධි­පති මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වෙන කොට මම­වත් හිතුවෙ නැහැ අපිට දිනන්න පුළු­වන් කියලා. නමුත් මේ රටේ උග­තුන් බුද්ධි­ම­තුන් ශිෂ්‍ය ක්‍රියා­කා­රීන් හා පොදු මහ­ජ­න­තා­වගේ කැප­වීම හා උන­න්දුව නිසා අපට ජය ගන්න හැකි වුණා. අපි මාධ්‍ය නිද­හස ලබා දුන්නා. ස්වාධීන කොමි­ෂන් පිහි­ටෙව්වා. අද වන විට ඒ නිද­හස පාවිච්චි කර­මින් ඇතැම් ජන­මාධ්‍ය රජයේ සංව­ර්ධ­නය ගැන එක වච­න­ය­ක්වත් කතා නොකොට රජ­යට මඩ ගහ­නවා

මහා­චාර්ය සේනක බිබිලේ මහ­තාගේ ‍ඖෂධ ප්‍රති­ප­ත්තිය ක්‍රියා­ත්මක කොට රෝගී ජන­තා­වට සහ­න­යක් ලබා දීමට එව­කට සෞඛ්‍ය ඇමැ­ති­ව­ර­යාව සිටි මෛත්‍රි­පාල සිරි­සේන මහතා දැඩි උත්සා­හ­යක් ගත්තා. නමුත් අවා­ස­නා­ව­කට මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ රජය ඊට හරස් කැපුවා පම­ණක් නොව, එයට අදාළ ලිය­කි­ය­විලි පවා අස්ථාන ගත කළා. යහ­පා­ලන රජය බල­යට පත් වුණාට පසුව ඒ වැඩ­පි­ළිි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මට මට හැකි වුණා. ‍‍ඖෂධ වර්ග හත­ළි­හක පමණ මිල පහත දැම්මා. අක්ෂි කාච හෘද රෝගීන්ට අවශ්‍ය උප­ක­රණ අපි නොමිලේ ලබා දෙනවා. රෝහල් පද්ධ­තිය වැඩි දියුණු කරන්න පිය­වර ගත්තා. මේ පළාතේ බල­පි­ටිය රෝහ­ලට තට්ටු දහ­යක ගොඩ­නැ­ගි­ල්ලක් දැනට ඉදි­ක­ර­ගෙන යනවා. කරා­පි­ටිය රෝහ­ලට පම­ණක් රුපි­යල් කෝටි ගණ­නක් වැය කොට වැඩි දියුණු කරන්න පිය­වර ගෙන තිබෙ­නවා. ඒ වගේම ලංකා­වට අවශ්‍ය ඖෂධ ලංකා­වේම නිෂ්පා­දන කරන්න මේ රජය මේ වන විටත් කට­යුතු කර තිබෙ­නවා. මේ නිසා ලංකාවේ විදේශ විනි­මය රැක ගැනී­ම­ටත් අපට හැකි වී තිබෙ­නවා. මේ සංව­ර්ධ­නය ගැන වච­න­ය­ක්වත් පළ කරන්නේ නැති ඇතැම් මාධ්‍ය රෝහ­ල්වල පව­තින සුළු අඩු­පාඩු උලුප්පා දක්ව­මින් රජය ගැන මහ­ජන විරෝ­ධ­යක් ඇති කරන්න උත්සහ කර­නවා. මහින්ද රාජ­පක්ෂ යුගය මේ විදි­යට ක්‍රියා කළා නම් මොකද වෙන්නේ කියා අමු­තු­වෙන් කියන්න අවශ්‍ය නැහැ.

තමා වෙනු­වෙන් මෙවැනි උප­හාර උළෙ­ලක් පැවැ­ත්වී­මට අරු­නැල්ල පද­නමේ සභා­පති අරුණ තක්ෂිල සිල්වා මහතා ප්‍රමුඛ එම සංවි­ධා­නය කට­යුතු කිරීම පිළි­බඳ මා ඒ සිය­ලුම දෙනාට ස්තුති­වන්ත වෙනවා.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී විජ­ය­පාල හෙට්ටි­ආ­රච්චි, දකුණු පළාත් සභා මන්ත්‍රී­ව­රුන් වන අශෝක ධන­වංශ, ජයන්ත ජය­වීර, එක්සත් ජාතික පක්ෂයේ අම්බ­ල­න­ක්ගොඩ ප්‍රධාන සංවි­ධා­යක ඩෙනට් පනි­ය­න්දූ­වගේ සහ අරුණ තක්ෂිල සිල්වා යන මහ­ත්වරු ද මෙහිදී කතා කළහ.

අම්බ­ල­න්ගොඩ සමූහ
ආර්. ඤාණ­දාස

නව අදහස දක්වන්න