රට දියුණු කිරීමට නම් පළමුව ජාතික සමඟිය ඇති කළ යුතුයි | දිනමිණ

රට දියුණු කිරීමට නම් පළමුව ජාතික සමඟිය ඇති කළ යුතුයි

බණ්ඩාරමම අද උදෑසන නිලධාරීන් පිරිසකට පත්විම් ලිපි ලබා දෙන උත්සවයකට සහභාගි වුණා. ලෝකයේ වැඩියෙන්ම නිවාඩු තියෙන්නේ ලංකාවේ ලංකාවේයි. රාජ්‍ය සේවකයෙක් වැඩ කරන්නේ සියලු නිවාඩු ගණන් හදපුවාම ඉරිදා,සෙනදුරාදා පෝය, නිවාඩු වෙනත් නිවාඩු අනිකුත් නිවාඩු බලපුවාම අපි වැඩ කරන්නේ දින 176ක් පමණයි. 365 අපි වැඩ කරන්නේ දින 176 ක් පමණයි. මෙන්න මෙතනදි අපි පපුවට අත තියලා අපිම අහන්න ඔනෑ. මෙ දින 176 වත් අපි පැය 8 වැඩ කරනවාද කියලා. එහෙම වැඩ කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද ? මෙන්න මෙ කරුණ සම්බන්ධයෙන් අවදානය යොමු කර යුතුව පවතිනවා.

අප අද මුහුණ දී ඇති සියලු ප්‍රශ්නවලින් ගැලවී රට දයුණු කිරීමට නම් ජාතික සමඟිය ඇති කළ යුතු යැයි කතානායක කරූ ජයසූසූරිය මහතා පැවසීය.

ඒ මහතා මෙසේ කීවේඅරණායක හොරේවල හ්‍රී හේවාසිංහාරාමයේ අබිනවයෙන් ඉදිකළ දෙමහල් සංඝාවාසය සඟසතු කිරීමේ උත්සවයට සහභාගීවෙමිනි.

එහදී වැඩිදුරටත් අදහස් දැකවූ ජයසූරිය මහතා මෙසේ කීය.

බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක ජාතිභේදයක් ගැන කතා කළේ නැහැ. උන්වහන්සේ කිවේ එක ජාතියයි ලෝකයේ තියෙන්නේ, එක මනුෂ්‍ය ජාතියයි කියලායි. බුදුහාමුදුරුවන්ගේ කාලයෙත් ඉන්දියාවේ හිටියේ විවිධ ගෝත්‍රවලට අයත් අය හා විවිධ ආගම් අදහන අයයි. ඒ නිසා අද අපිට ඔනෑ මෙ රටේ ජාතික සමඟියය ඇති කරන්නයි.

අපි නිදහස ලබලා අවුරුදු 70ක් ගත වුණා. මේ අවුරුදු 70ක කාලයේ දී මෙ රටේ ඇතිවුණා අසාර්තක කැරලි දෙකක්. තරුණ අසහනයක් හා අවුරුදු 30ක යුද්ධයක්. 1948 අපි නිදහස ලබනකොට එදා ජපානයයි ශ්‍රී ලංකාවයි අතර තිබුණේ ජාතික අදායමේ එක ඩොලරයක වෙනසක් පමණයි. එය අද රුපියල් 170ක් වෙලා. අද අපි කොහේද? ජපානය කොහේද ? මෙන්න මේකට තමයි අපි අවදානය යොමු කර යුත්තේ. අපේ හදවත්වලට යන්න ඔනෑ මෙ දේ.

අපි මෙ ගම් පළාත්වලට ආපුවාම අපිට දැනෙනවා මෙ ප්‍රදේශයේ තිබෙන පරිසරය ගම්වල තිබෙනවා නියම මනුෂ්‍යකම, හැදිච්චකම, ශිලාචාර කම, ගම්වල තිබෙන ජනතාවගේ මනුෂ්‍යකම අපිට ලැබෙන සුළු මෙහොතක හෝ අපිට අශ්වාදය කර ගැනීමට හැකිවීමත් අපි අගය කරනවා. මොකද අපි මෙ ගම්වල තමයි දකින්නේ ගමත් පන්සලත් අතර තිබෙන සම්බන්ධතාව. වාසනාවකට ඒ සම්බන්ධතාව තාමත් කැඩිලා නැහැ.

මේ රටේ ගොඩාක් ප්‍රශ්නවලට මුල් හේතුව වශයෙන් අපි දකින්නේ පන්සල සහ දායකයන් අතර නැතිනම්, පැවිද්දන්- ගිහියන් අතර තිබෙන සම්බන්ධය හා ඒ සම්මුතිය බිඳ වැටීමයි. අපි ගම්වලින් ආපු පුද්ගලයන් වශයෙන් ඒ වාගේම නිදහසට පෙර උපන් පුද්ගලයන් වශයෙන් මට හොඳට මතකයි. ඒ දවස්වල ගමක ප්‍රශ්නයක් ඇති වුණොත් පොලීසියට නොවෙයි යන්නේ. ගමේ පන්සලේ නායක හාමුදුරුවන් ගාවටයි. නායක හාමුදුරුවන් ඒ අවස්ථාවේ අදාළ පාර්ශ්ව කැඳවා අවවාද කර ආපසු යථා තත්ත්වයට පත් කරනවා.

මම කිහිප විටකම විශේෂ අවස්ථාවල කියපු කථාවක් තිබෙනවා නමුත් මෙක කොච්චර කීවත් මාධ්‍යවල යැවෙන්නේ නැහැ. ඒ කතාව තමයි මීට දසක හතරකට පමණ පෙර අමෙරිකාවේ විශේෂඥ කණ්ඩායමක් යම් කිසි පරික්ෂණයක් කළා. ඔවුන් කියන්නේ ලෝකයේ ජාතින් තුනක් අභාවයට යනවා කියායි. ඒ කියන්නේ ඒ ජාතිය නැති වෙනවා කියන එකයි. ඒ හඳුන්වා දුන්න ජාති තුන තමයි ඇමරිකාවේ රතු ඉන්දියන්වරු. ඊට පස්සේ ඇස්කීමෝවරු. තුන්වැනි ජාතිය ලෙස සඳහන් කලේ සිංහල ජාතියයි. මෙ කරුණ ගැනත් මම හිතනවා අපේ මහා සංඝරත්නයේ අවදානයට යොමු කරනවා නම් හොඳයි කියා.

ඒ වාගේම පන්සල තමයි ගමේ හැම කටයුත්තකදීම මුල් වුණේ. පන්සල තමයි සිංහල අවුරුද්දක් තිබෙනවා නම් නැතිනම් වෙනත් උත්සවයක් තිබෙනවා නම් ගමේ හදිසි කටයුත්තක් වුනානම් මරණයක් මංගුලක් වුනානම් එතෙන්නට නායකත්වය ලැබෙන්නේ පන්සලෙන්. අන්න ඒ සංස්කෘතිය අද වෙන කොට වෙනස් වෙලා.

අන්න ඒ නිසා තමයි අද මෙතනදි අනුශාසනා කරපු අපේ අනුනායක ස්වාමින් වහන්සේ විහාරාධිපති වහන්සේ වාගේම අපේ බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැතිතුමාත් සඳහන් කලේ දහම් පාසල් වල වටිනාකම. මම සෑම විටම විශ්වාස කරන දෙයක් තමයි, දහම් පාසල් ගිය දරුවකුගෙයි දහම් පාසලකට නොගිය දරුවකුගෙයි විශාල වෙනසක් තිබෙනවා කියන එක. ඒක මම සෑම අවස්ථාවකදීම සඳහන් කරනවා කිසිම සැකයක් බයක් නැතිව දහම් පාසල් ගිය දරුවෙක් තුළ හැදිච්චකම, විනීතකම, වැඩිහිටියන්ට සැලකිම ඒ වාගේම විශේෂයෙන් පවුලක් තුළ වැඩිහිටන්ට ගරු කිරීම, පවුලක් තුළ සමගියෙන් ජිවත්වීම මෙ සෑම හොඳ ගුණ ධර්මයක්ම දහම් පාසල් දරුවෙක් තුළ ඇතිවෙනවා. ඒ නිසා මම සෑම විටම දෙමාපියන්ගෙන් කරන ආයාචනයක් තමයි මෙනවා වුණත් දහම් පාසලට දරුවෙක් යවන්නේ නැතිව ඉන්න එපා කියන එක.

ඒ වාගේම අපේ මහා නායක හිමිපාණන් වහන්සේත්, ඒ වාගේම අපේ අනුනායක හිමිපාණන් වහන්සේත් වර්තමාන සමාජයට ඇති වී තිබෙන, බුද්ධ ශාසනයට ඇති වී තිබෙන තර්ජනයන් ගැන කතා කළා.

අපේ දක්ෂ රාජ්‍ය සේවකයන් අවංක රාජ්‍ය සේවකයන් ඉන්නවා. අද දේශාපන භේදයකින් තොරව ඒ අයට තමන්ගේ රැකියාව සිදු කර ගැනිමේ අවස්ථාව ලැබිලා තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා මගින් අවස්ථාව ලැබිලා තිබෙනවා. උසස් වීම් ගන්න කඩේ යන්න ඔනෑ නැහැ. දක්ෂ කෙනාට කාර්යක්ෂම කෙනාට උසස්වීමේ අවස්ථාව ස්වාධීන කොමිෂන් සභාවෙන් ඇති වී තිබෙනවා. කොමිෂන් සභා තුළත් ඉන්නේ සම්පුර්ණයෙන් ස්වාධීන පුද්ගලයන්. ඒ නිසා මම විශේෂයෙන් මෙක සඳහන් කලේ විශේෂයෙන් මෙ රටේ මිළග පරපුරට අලුත් රටක් සමෘද්ධිමත් රටක් වාසනාවන්ත රටක් ඇති කරන්න ඔනෑ නම් ඉස්සරාලාම අපේ ආර්ථීකය හදා ගන්න ඔනෑ. අපේ ආර්ථීකය හදා ගන්න අපි ප්‍රථමයෙන් අපේ ජාතික සමගීය ඇති විය යුතුයි.

අද ලෝකයේ වැඩියෙන්ම විරෝධතා තිබෙන රටක් තියෙනවා නම් එක තමයි ලංකාව. හැමදාම විරෝධතාවක් තිබෙනවා. එහෙම නැතිනම් වැඩ වර්ජනයක් තිබෙනවා. හැමදාම. අපේ අසරණ ජනතාව වැඩවර්ජනවලින් කොයි තරම් පිඩා විදිනවාද? . දුම්රිය වර්ජනයක් වේවා බස් වර්ජනයක් වේවා. ආරෝග්‍ය ශාලා වර්ජනයක් වේවා. මෙයින් පිඩා විදින්නේ අසරණ ජනතාවයි. ඒ නිසා මනුෂයන්ගේ හැඟීම් ගැන යුතුකම් අයිතිවාසිකම් දෙකම තිබෙනවා. ඔනෑම කෙනෙකුට මනුෂයන් ගැන හැඟීම විශේෂයෙන්ම බුද්ධ ධර්මයේ පළමු දේ තමයි ජනතාවට සේවය කිරීම විශේෂයෙන් මහජනතාවට නැතිනම් තවත් කෙනෙකුට අවහිරයක් නොවන ලෙස ජිවත්වීම. දහම් පාසල් ගිය දරුවකුට මෙවා උගන්වනවා. දහම් පාසල් ගිය දරුවන්ට මෙ හැගිම් ඇති වෙනවා. ඒ නිසා තමයි මෙ කරුණු අද ඉතා වැදගත් වී තිබෙන්නේ.

ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයත් මෙ සම්බන්ධයෙන් අද අවධානය යොමු කර තිබෙනවා. අපිට අලුත් සමාජයක් හොඳ ගිහි සමාජයක් ඇති කරන්න ඔනෑ නම් දෙමාපියන්ට ගරු කරන ගුරුවරුන්ට ගරු කරන ඒ වාගේම පවුල් සංස්කෘතිය ආරක්ෂා කරන හොඳ දරුවන් වාගේම හොඳ බිරියක් හොඳ ස්වාමි පුරුෂයන් හොඳ මවක් පියෙක් වන ලංකාවට හොඳ පුරවැසියෙක් වන පුද්ගලයන් බිහි කරන්න ඔනෑ නම් අපිට මේ දහම් පාසල් අධ්‍යාපනය ඉතා අවශ්‍යයි. මෙ ස්ථානයේ වටිනා කියන පුණ්‍ය කටයුත්තකට සහභාගී විමට ලැබීම ගැන මා සතුටට පත් වෙනවා.

බුද්ධ ශාසන අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල, සබරගමු ආණ්ඩුකාර නිලුකා ඒකනායකද, හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතම මහත්මීන් අතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

මාවනැල්ල විශේෂ සමන් විජය

නව අදහස දක්වන්න