උත්ස­හා­යෙන් පෙර­ටම ගොස් හීනය සැබෑ­ක­ර­ගත් සිසු-වීරයා | දිනමිණ

උත්ස­හා­යෙන් පෙර­ටම ගොස් හීනය සැබෑ­ක­ර­ගත් සිසු-වීරයා

පුංචි කාලේ ඉඳන් මගේ ලොකු ආසා­වක් තිබුණා ගුවන් යානා තාක්ෂ­ණ­යට. මගේ බලා­පො­රො­ත්තුව ඉටු කර ගන්නා තුරු මම ඒ විෂය ධාරාව පසු­ප­සම ගියා. අද මගේ උත්සා­හය මල්ඵල ගැන්විලා. රටේ ප්‍රධාන පුර­වැ­සියා රටේ ජනා­ධි­ප­ති­ව­රයා මට මේ වෙනු­වෙන් උදවු කරන්න ඉදි­රි­පත් වෙලා තියෙ­නවා. ඒක මගේ පාස­ල­ටත් පෞද්ග­ලි­කව මටත් ලොකු ආඩ­ම්බ­ර­යක් සතු­ටක් . මගේ හීනය හැබෑ­වක් වුණා කිය­ලයි මට හිතෙන්නෙ. සියනෑ පුර­ව­ර­යෙන් බිහිවූ නව නිර්මාණ ශිල්පියා ලෙස මීටර් විස්සක දුරක් ඉහළ අහසේ පියා­සර කළ හැකි රොකට් යන්ත්‍ර­යක් නිර්මා­ණය කළ ගුවන් යානා ශිල්ප­යට අත­ගසා සිටින ගම්පහ බණ්ඩා­ර­නා­යක විද්‍ය­ලයේ උසස් පෙළ තාක්ෂණ විද්‍ය අංශයේ එල්.එච්.ගිහාන් හෙට්ටි­ආ­රච්චි ශිෂ්‍යයා ඔහුගේ අත්දැ­කීම් බෙදා ගැනී­මට එක්වෙ­මින් තමා නිර්මා­ණය කළ රුසි­යාවේ නිෂ්පා­දිත රොකට් යන්ත්‍ර­ය­ක­ටම සමාන කළ හැකි හැඩ­යෙන් යුත් රොකට් යන්ත්‍රය පිළි­බද හදුන්වා දීමක් කර­මින් පැවැ­සීය.

ගම්පහ පුර­ව­රයේ ජන­ප්‍රිය පාසල් අතර ඉදි­රි­යෙන් සිටින බණ්ඩා­ර­නා­යක විද්‍ය­ල­යට සිය­ව­සක් සපි­රීම නිමි­ත්තෙන් පසු­ගි­යදා පැවති සිය­වස් සැම­රුම් ප්‍රද­ර්ශ­නය නිමි­ත්තෙන් ඉදි­රි­පත් කර තිබූ මේ රොකට් යන්ත්‍රය දිව­යිනේ සතර දෙසින් පැමිණි කාගේත් ප්‍රශං­සා­වට ලක්වූ නිර්මා­ණ­යක් යැයි පැව­සුව හොත් එය නිවැ­රැ­දිය. ගිහාන් සිය තාක්ෂණ නිර්මා­ණ­ක­ර­ණයේ අතීත මත­කය අවදි කර­මින් බොහෝ දෑ පැවැ­සීය. ඒ අතර සුන්දර මත­ක­යන්ද උපන් බිමට රන්ප­ද­ක්ක­මක් ගෙනා අව­ස්ථා­වක්ද ඇත. සාමා­න්‍ය­යෙන් ශිෂ්‍ය­යෙ­කුගේ අව­ධා­නය වැඩි­පුර යොමු නොවන පැති­ක­ඩක් වූ ලංකාවේ මෙතෙක් එත­රම් දියු­ණු­වක් ලබා නොමැති ගුවන් යානා තාක්ෂ­ණය පිළි­බද පාසල් අව­දි­යේ­දීම යොමු වීමට හේතුව කුම­දැයි ඇසූ පැන­යට ඔහු සතුව බොහෝ පිළි­තුරු මෙන්ම කෘත­වේදී ස්තුතී කිරීම්ද විය. මම 5 වසරේ ශිෂ්‍යත්ව විභා­ගය සම­ත්වෙලා නිට්ට­ඹුව සංඝ­බෝධි විද්‍ය­ල­යෙන් අධ්‍ය­ප­නය හදා­රලා සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සෙ තාක්ෂණ අංශ­යෙන් උස­ස්පෙ­ළට ගම්පහ බණ්ඩා­ර­නා­යක විදු­හ­ලට ඇතුළු වුණා. ගුවන් යානා තාක්ෂ­ණය පිළි­බද මූලික දැනුම ගත්තෙ අන්ත­ර්ජා­ල­යෙන්. ඉන් පස්සෙ පාඨ­මා­ලා­වක් හැදෑ­රුවා රත්ම­ලානේ ගුවන් යානා තාක්ෂණ පුහුණු පාස­ලෙන් ගුවන් යානා තාක්ෂ­ණය පිළි­බද. මට මේ තරම් දුර ගම­නක් එන්න ලැබුනෙ නව නිර්මාණ ශිල්පීන්ගේ සංග­මයේ මඟ පෙන්වීම මත. ඒ වගේම මාව මේ මාර්ග­යට ගේන්න මූලි­ක­වම අත දුන්නෙ අපේ පාසලේ හිටපු නියෝජ්‍ය විදු­හ­ල්පති තාක්ෂණ විෂය භාර ගුරු­ව­රයා ලෙස සේවය කළ තරංග ගුණ­ව­ර්ධන ගුරු-පියා­ණන්. එතු­මාගේ මඟ පෙන්වීම හා උප­දෙස් මට ලොකු ආශී­ර්වා­ද­යක් වුණා. මම 08 වැනි වසරේ සිට ගුවන් යාණා තාක්ෂ­ණය පිළි­බද පාඨ­මාලා හැදෑ­රුවා. මුලින්ම මම අහ­ස්කූරු ගල­වලා ඒ වෙඩි බෙහෙත් අරන් මල් වෙඩි­ල්ලක ප්‍රමා­ණයේ රොකට් එකක් නිර්මා­ණය කරා. ඒවා අත්හදා බැලී­ම­ටයි කරේ. නව නිපැ­යුම් සංග­මය මඟින් 2017 වසරේ ඉන්දු­නී­සි­යාවේ පැවති 04 වැනි ජාත්‍ය­න්තර නව නිපැ­යුම් තර­ග­යෙදී මට රන් පද­ක්ක­මක් හිමි වුණා. රට­වල් 53ක් මේ නව නිපැ­යුම් තර­ග­යට එක්වී හිටියා. ඒක මගේ ඉදිරි ගම­නට තවත් රුකු­ලක් දිරි­යක් වුණා. මගේ එකම අර­මුණ මේ හරහා උපන් රටට කීර්ති­යක් අත්කර දෙන්න. උසස් පෙළින් පස්සෙ මම ගුවන් යානා තාක්ෂණ ශිල්පය අතින් ලෝකයේ දියු­ණුම රට­කට ගිහින් වැඩි දුර අධ්‍ය­ප­නය හදා­රන්න බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නවා. මම මෙතෙක් දුර ආ ගම­නට අවශ්‍ය මූල්‍ය පහ­සු­කම් සියල්ල මට දුන්නෙ මගේ මවු­පි­යන්. මොකද අපේ පවුලෙ මං එකම දරුවා. දැනට මට මේ රොක­ට්ටුවෙ ඉදිරි වැඩ ටික නිමා කරන්න රුපි­යල් ලක්ෂ 10යක මූල්‍ය ප්‍රති­පා­ද­න­යක් අව­ශ්‍යයි. දැන් මට ලොකු ශක්ති­යක් වෙලා තියෙ­නවා ජන­ධි­ප­ති­තුමා ගේ සහාය ලැබීම. ඇත්තෙන්ම රටක් දියුණු වෙන්න නම් නව නිර්මාණ කරු­වන් බිහි­විය යුතුයි. මේ රොක­ට්ටුව නිර්ම­ණය කරන්න මට මාස 03ක කාල­යක් ගත වුණා. මේ රොක­ට්ටුව නිර්මා­ණය කරලා තියෙන්නේ නාසා ආය­ත­නය ලෝක­යට දී තිබෙන නිර්ණා­යක අනුව වීම වැද­ගත්. හැකි ඉක්ම­ණින් මම මේ රොක­ට්ටුව කල්පි­ටිය ප්‍රදේ­ශ­යේදී ගුවන් ගත කර­නවා.

බණ්ඩා­ර­නා­යක විද්‍ය­ලයේ විදු­හ­ල්ප­ති­තු­මා­ගෙන් මට ලැබෙන අප්‍ර­මාණ සහ­යෝ­ග­යට එතු­මා­ටත් සමස්ත ගුරු මණ්ඩ­ල­ය­ටත්, මගේ මවු­පි­ය­න්ටත් මම කැමති විෂය පථය ඔස්සේ ඉදි­රි­යට යන්න අත දීම ගැන නිර­තු­රු­වම ස්තුති­වන්ත වෙනවා.

රාගම සමූහ
එස්. එච්. අයි. කුසු­ම්ලතා

නව අදහස දක්වන්න