සංව­ර්ධනය ගැන ජන­තාව නොදන්නේ අන­වශ්‍ය ප්‍රචාර නැති නිසයි | දිනමිණ

සංව­ර්ධනය ගැන ජන­තාව නොදන්නේ අන­වශ්‍ය ප්‍රචාර නැති නිසයි

මේ රජය බල­යට පත් වු පසු දුෂ්කර ප්‍රදේ­ශ­වල තිබෙන වෙහෙර විහා­ර­ස්ථාන ගොඩ නඟන්න වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළා. ඒ සම්බ­න්ධ­යෙන් අන­වශ්‍ය ප්‍රචාර නොමැති නිසා බොහෝ දෙනා ඒ බව දන්නේ නැ. යැයි අධි­ක­රණ හා බන්ධ­නා­ගාර ප්‍රති­සං­ස්ක­රණ ඇමැ­තිනී නීතිඥ තලතා අතු­කෝ­රළ මහ­ත්මිය පැවැ­සු­වාය.

ඇමැ­ති­නිය මේ අද­හස් පළ කළේ ගම්පෙ­ර­ළිය සංව­ර්ධන යෝජනා ක්‍රමය යටතේ බලං­ගොඩ, රාස්ස­ගල, බුල­ත්ගම රත­න­පාල පිරි­වෙන් ප්‍රාකා­ර­යට මුල්ගල තැබීමේ අව­ස්ථා­වට එක් වෙමිනි.

එහි දී වැඩි­දු­ර­ටත් අද­හස් දැක් වු ඇමැ­ති­නිය මෙසේ ද සඳ­හන් කළාය.

කෙනකු බලය ලබා­ගැ­නී­මට පන්සල පාවිච්චි කර­නවා නම් එය ඉතා වැරැදි ක්‍රියා­වක්. මම හිත­නවා මට ඉන්න නාය­ක­යන් දෙන්නා ධර්ම­යෙන් ජීවි­තය හැඩ ගසා ගත්තා මිසක් ආගම පාවිච්චි කර දේශ­පා­ල­නයේ නියැලී මල් වට්ටි අරන් පන්ස­ලක් ගානේ යන අය නෙවෙයි. පන්ස­ලට ඇවිල්ලා දේශ­පා­ල­නය කතා කරන අය නෙවෙයි මට ඉන්න නාය­ක­යන්. අපි ඒක ගැන බොහොම ගෞර­ව­යෙන් කතා කර­නවා. අපිට ඒක ගැන ලොකු ආඩ­ම්බ­ර­යක් තිබෙ­නවා.

2015 ජන­වාරි මස 08 වෙනි දින මේ රජය බල­යට පත් වු පසු මේ රටේ දුෂ්කර ප්‍රදේ­ශ­වල තිබෙන වෙහෙර විහා­ර­ස්ථාන ගොඩ නඟන්න වැඩ පිළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළා. ඒ සම්බ­න්ධ­යෙන් අන­වශ්‍ය ප්‍රචාර නොමැති නිසා ගොඩක් අය දන්නේ නෑ. ගම්වල තිබෙන දුෂ්කර විහා­ර­ස්ථාන පිළි­බ­ඳව අව­ධා­නය යොමු කළේ වත්මන් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අග­මැ­ති­ව­ර­යාගේ නාය­ක­ත්වය යටතේ ඒ සඳහා 2016 වසරේ විහා­ර­ස්ථාන 1200කටත් 2017 වසරේ විහා­ර­ස්ථාන 1000කටත් ආධාර ලබා දුන්නා. උප­කාර කළා. ඒ සඳහා සියලු මුදල් යෙදෙව්වේ මධ්‍යම සංස්කෘ­තික අර­මු­ද­ලින්. එම අර­මු­දලේ මුදල් මීට පෙර සම­හර අයගේ පුද්ග­ලික බූද­ල්බ­වට පත් වෙලා තිබුණා. ඒකේ තිබෙන සත­ය­ක්වත් මේ රටේ මුදල් නෙවෙයි. අපේ රටට පැමි­ණෙන විදේ­ශි­ක­යන් අපේ පුරා විද්‍යා ස්ථාන වන සීගි­රිය, දඹුල්ල, අනු­රා­ධ­පුර. පොලො­න්න­රුව වගේ විහා­ර­ස්ථාන නරඹා ගෙවන ඩොලර් තමයි මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ මුදල් බවට පත් වුණේ. ඒවා අපි විහා­ර­ස්ථාන ගොඩ­න­ඟන්න යෙදෙ­වුවා. නමුත් පන්සල දේශ­පා­ල­න­යට යොමු කරන වැඩ­පි­ළි­වෙ­ළ­කට යොමු වුණේ නෑ.

 

නව අදහස දක්වන්න