දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි | දිනමිණ

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

මධ්‍යම, ඌව, සබරගමු පළාත්වලටත් අම්පාර මඩලකලපුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 150 කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.                                                                                                                       

                                                            මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

                                         2018 ඔක්තෝබර් මස 20 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි

දිවයින පුරා, වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දින සිට ඉදිරි දිනවලදී (විශේෂයෙන් 20 සහ 21දිනවලදී) බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකළපුව, ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.

සෙසු ප්‍රදේශවලද, ඇතැම් ස්ථානවලට (විශේෂයෙන් උතුරු මැද සහ වයඹ පළාත්වල) මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

                                          ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                                          2018 ඔක්තෝබර් මස 20 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදුප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කී.මී. 10-20 පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

නව අදහස දක්වන්න