රැදවියන්ගේ විරෝධතාවය තවදුරටත් | දිනමිණ

රැදවියන්ගේ විරෝධතාවය තවදුරටත්

පොලිස් කාර්ය බලකා සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කුළුණක් මත නැගී විරෝධතාවයක නිරත වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

CCTV කැමරා පද්ධතිය සවි කර ඇති කුළුණ මත රිමාන්ඩ් සිරකරුවන් 50 ක් පමණ රැඳී සිටින බව ද සදහන්.

ඔවුන් අද උදෑසන 07.00 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ කර ඇති  අතර මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර තිබේ.

පසුගිය සතියේ සිට බන්ධනාගාරවලට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනුයුක්ත කෙරිණි.

නව අදහස දක්වන්න