මාතර වෙඩි තැබීමක් - අයෙකු මරුට | දිනමිණ

මාතර වෙඩි තැබීමක් - අයෙකු මරුට

අද(22) උදෑසන 09.25ට පමණ මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
 
හුලංකන්ද, දම්පහල මාර්ගයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ  පුද්ගලයෙකු හීගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි පොලිසිය පැවසීය. 
 
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක් වු අකුරැස්ස වත්ත, වලස්මුල්ල ලිපිනයේ පදිංචි ඊ.එස්.චමින්ද දයාරත්න නැමති පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙකි.
 
මිය ගිය පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී වෙඩි තැබීමට ලක්ව  ඇති අතර සැකකරුවන් ද යතුරුපැදියකින් පැමණ ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 
ඌරුබොක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

නව අදහස දක්වන්න