ක්‍රිකට් පිටියට විශිෂ්ටයෝ දායාද කළ මහනුවර ත්‍රිත්ව විදුහල | දිනමිණ

ක්‍රිකට් පිටියට විශිෂ්ටයෝ දායාද කළ මහනුවර ත්‍රිත්ව විදුහල

19න් පහළ සංචිතය : ඉදිරි පෙළ (වමේ සිට) අභිෂේක් ආනන්ද කුමාර්, ධම්මික කුලතුංග (කණ්ඩායම් භාර ආචාර්ය), පුබුදු බණ්ඩාර (නායක), කාවින්ද ජයසූරිය (පුහුණුකරු), කාවින්ද සේනාධීර (උපනායක), ලසන්ත හේරත් (ශාරීරික යෝග්‍යතා උපදේශක), රුවින් පීරිස්, පසු පෙළ: නවීන් ඒකනායක (උප පුහුණුකරු), එම්. රයිසාන්. සී. කුමාරසිංහ. කේ. සසිදරන්, ඩී. සිරිවර්ධන, යු. විමලධර්ම, ජේ. වීරසිංහ, අවිශ්ක සේනාධීර, ඒ. අමරසිංහ, අශාන් ලොකුකැටිය, ඩී. බණ්ඩාර, කේ. ඩයස්, ලහිරු සඳකැලුම් (පන්දු රැකීමේ පුහුණුකරු)  ඡායාරූප - මහනුවර ක්‍රීඩා විශේෂ

මහනුවර ප්‍රබල පාසලක් වන ත්‍රිත්ව විදුහල මේ වසරේදී පාසල් ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන කණ්ඩායමකි.

මෙවර කණ්ඩායම මෙහෙයවන්නේ දෙවන වර්ෂයේ තුන් ඉරියව් ක්‍රීඩක පුබුදු බණ්ඩාර විසිනි. කවිශ්ක සේනාධීර කණ්ඩායමේ උපනායකයා වේ. අවිශ්ක සේනාධීර ඔහුගේ නිවුන් සහෝදරයා වන අතර ඔහු තුන්වන වසරේ ක්‍රීඩකයෙකි. අනෙක් තුන්වන වසරේ ක්‍රීඩකයා වන්නේ දකුණත් වේග පන්දු යවන ආරම්භක පන්දු යවන්නා වන රුවින් පීරිස්ය. අභිෂේක් ආනන්ද කුමාර් ද තුන්වන වසරේ ක්‍රීඩකයෙකි. කවිශ්ක සේනාධිර, අශාන් ලොකුකැටිය, (කණ්ඩායමේ කඩුලු රකින්නා) ජේෆ් වීරසිංහ, උමේර් රයිසාන්, චානුක කුමාරසිංහ, උවිදු විමලසිරි සෙසු දෙවන වසරේ ක්‍රීඩකයන් වෙති. කවිදු ඩයස්. කවින් සසිදරන් අග්බෝ අමරසිංහ දිමන්ත බණ්ඩාර, කණ්ඩායමේ නවකයෝ වෙති.

මෙවර ත්‍රිත්ව විදුහල පුහුණු කරනු ලබන්නේ වර්ෂ 2010 සිට 2011 දක්වා ත්‍රිත්ව විදුහල නියෝජනය කල කාවීන්ද ජයසූරිය මහතාය. නවීන් ඒකනායක මහතා ඔහුට සහය වෙයි. එම කණ්ඩායම තරග 15 ඉදිරිපත් වීමට නියමිත අතර තරග අතර ශාන්ත අන්තෝනි වත්තල, කොළඹ ශාන්ත පීතර, මහනුවර ශාන්ත සිල්වෙස්තර, ශාන්ත ආනා කුරුණෑගල, මොරටුව ශාන්ත සෙබස්තියන්, කොටහේනේ ශාන්ත බෙනඩික් සහ කොළඹ නාලන්ද විදුහල් ඒ අතර වේ.

ත්‍රිත්ව විදුහල් පිල ක්‍රීඩා කරන 102 වැනි මහා ක්‍රිකට් තරගය

සාන්ත අන්තෝනි විදුහල සමග ලබන මාර්තු මස 8, 9 වන දින කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේදී පැවැත්වේ.

ත්‍රිත්ව විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩකයන් අතර කුමාර සංගක්කාර, රවී රත්නායක, එන්. එල්.කේ රත්නායක, කෞෂල්‍ය වීරරත්න යන ටෙස්ට් ක්‍රීඩකයන් හැඳින්විය හැකිය. එම ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කර දැනට විශ්‍රාම ගෙන ඇත. නිරෝෂන් දික්වැල්ල සහ ලහිරු කුමාර වර්තමාන ටෙස්ට් පිටියේ ක්‍රීඩා කරමින් සිටිති. අතීතයේ සිටි ක්‍රීඩකයන් අතර මල්සිරි කුරුකුලසූරිය, නිමල් මාරලන්ද, හරින්ද දුනුවිල, එම්. ෆාරූක් සහ එම්. ඔඩයාර් ත්‍රිත්ව විදුහලෙන් බිහිවූ සෙසු ක්‍රීඩකයෝ වෙති.

උපනන්ද ජයසුන්දර මහනුවර ක්‍රීඩා විශේෂ

 

නව අදහස දක්වන්න