නැනෝ ආයතනයේ විද්‍යා සන්නිවේදන වැඩමුළුව | දිනමිණ

නැනෝ ආයතනයේ විද්‍යා සන්නිවේදන වැඩමුළුව

විද්‍යා සන්නිවේදනය පිළිබඳ කෙටි පාඨමාලාවක් පසුගියදා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ දී සාර්ථකව අවසන් කෙරුණි.
 
මේ සදහා මාධ්‍යවේදීන්, උසස් අධ්‍යාපනලාභීන්, වෘත්තිකයන්, රජයේ නිලධාරීන් හා විවිධ සංගම් නිලධාරීන්ට විවෘත වූ අතර මේ පාඨමාලාව සිසුන් විසිතුන්දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු විය. 
 
විද්‍යා සන්නිවේදනයේ ගමන් මඟ විමසාලමින් එහි පැවැත්මට මාධ්‍ය කොස් සංවිධාන විය යුතු ද යන්න හා මාධ්‍යයට මෙතෙක් විවර නොවූ විද්‍යා සන්නිවේදනය පවත්වා ගැනීමට මෙන්ම ජනප්‍රිය කිරීම ගැන නේක පැතිකඩයන් ඔස්සේ දැනුවත් කිරීම් මෙහිදී පාඨමාලාලාභීන් උදෙසා සිදු කෙරුණි.
 
විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ කටයුතු අමාත්‍යංශය  සමගින් එක්ව ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනයෙහි සියලුම විද්‍යාගාරයන් නැරඹීමට සහ පර්යේෂණ කටයුතු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීඹට ද පාඨමාලාලාභීන්ට අවස්ථාව සැලසුණි. 
 
විද්‍යා දැනුම් සන්නිවේදනය කිරීමේ දී පවතින අඩුව සපුරාලීමට සංවිධාන කෙරුණු මෙම විද්‍යා සන්නිවේදන වැඩමුළුවේ ප්‍රතිළුලයක් ලෙස විද්‍යා සන්නිවේදනය සංගමයක් පිහිටුවා ගැනීමට මූලික පියවර ගැනීමට ද එදින පාඨමාලාලාභීන්ට අවස්ථාව උදාවිය. 
 

නව අදහස දක්වන්න