ගුවන් තොටුපලේදී ලක්ෂ 64ක විදේශ මුදල් අල්ලයි | දිනමිණ

ගුවන් තොටුපලේදී ලක්ෂ 64ක විදේශ මුදල් අල්ලයි

නීතිවිරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ විදෙස් මුදල් තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත. එම මුදල් තොගයේ වටිනාකම රුපියල් හැටහතර ලක්ෂ දහතුන් දහස ඉක්මවන බව සදහන් වේ.
 
මෙම මුදල් සිංගප්පූරුව බලා රැගෙන යාමට ගුවන් මගියා උත්සාහ දරා තිබේ.
 
රේගුව කළ පරීක්ෂාවකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි පනස් දෙහැවිරිදි ව්‍යාපාරිකයෙකු බව සදහන් ය.
 
ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී අමෙරිකා ඩොලර්, සිංගප්පූරු ඩොලර්, යූරෝ සහ ශ්‍රී ලංකා රුපියල් එහි තිබූ බව රේගුව පැවසීය.

නව අදහස දක්වන්න