කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 151 සමඟ දෙදෙනෙක් මාට්ටු | දිනමිණ

කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 151 සමඟ දෙදෙනෙක් මාට්ටු

කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 151 සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 
 
ඉකුත් 21වනදා රාත‍්‍රි කාලයේ උතුරු මුහුදේ නිරික්ෂණ කටයුතුවල නිරත වූ කන්කසන්තුරය නාවික හමුදා නිලධාරින් සැක කටයුතු බෝට්ටුවක් පරික්ෂා කිරිමේදී මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
 
පොලිතින් උර හතරක සඟවා තිබියදී ගංජා තොගය හමුවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. අත්අඩංගුවට පත්වුණේ ඉලවාලි ප‍්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි. ඔවුන් අවුරුදු 19 සහ 29 වයස්වල පසුවේ. 
 
 
ඔවුන් මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණයට අද(23) ඉදිරිපත් කිරීමට නියමිතය. කන්කසන්තුරය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

නව අදහස දක්වන්න