උත්තම මවුපිය වන්දනා වැඩසටහන මාතර දී | දිනමිණ

උත්තම මවුපිය වන්දනා වැඩසටහන මාතර දී

මාතර රොටුඹ පනාකඩුව ශ්‍රී පන්ථාරාම විහාරස්ථානයේදී උත්තම මවුපිය වන්දනා වැඩසටහනක් මාතර මහා මන්තින්ද පරිවේනාධිපති කාව්‍ය විශාරද රාජකීය පණ්ඩිත පැල්වත්තේ කුසල ධම්ම හිමීගේ මෙහෙයවීම යටතේ පසුගියදා පැවැත්විණි. වියැකීයන මවුපිය දූ දරු සබඳතාව ශක්තිමත් කිරීමට පවත්වනු ලැබූ මෙම උත්තම මව් පිය වන්දනා වැඩසටහන රොටුඹ පොලිස් ස්ථානය හා පනාකඩුව බටහිර කීර්ති වැඩිහිටි සමිතිය එක්ව සංවිධානය කර තිබිණි. මෙම වැඩසටහන සඳහා පනාකඩුව ශ්‍රී පන්ථාරාමයේ ඉරුදින දහම් පාසලේ සහ පනාකඩුව විද්‍යාලයේ දරු දැරියන්, මව්පියෝ සහභාගි වී සිටියහ.

උත්තම මවුපිය වන්දනා වැඩසටහන සඳහා සහභාගි වී සිටී දරුවන්ට මවුපියන්ගේ වටිනාකම සහ දෙමව්පියන්ට දරුවන්ගේ වටිනාකම මෙහිදී වටහාදුන් අතර එම අවස්ථාවට සහභාගි වී සිටී දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ සංවේදී මොහොතක් විය.

මෙම අවස්ථාවට පනාකඩුව ශ්‍රී පන්ථාරාමාධිපති ගනේගොඩ සරණංකර නායක හිමී,රොටුඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්.පී.ඒ.සනත් කුමාර මහතා ප්‍රමුඛ රොටුඹ පොලීසියේ නිලධාරින්, පනාකඩුව බටහිර කීර්ති වැඩිහිටි සමිතියේ නිලධාරින් සහ සාමාජිකයන්, රොටුඹ ඌරව මිතුරු පවුර මිත්‍රත්ව සංසදයේ සාමාජිකයන්, ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් උත්තම මවුපිය වන්දනා වැඩසටහන සමග එක්ව සිටියහ.

සටහන සහ ඡායාරූප - ඌරුබොක්ක විශේෂ ඒ.පී.දයාචන්ද්‍ර

නව අදහස දක්වන්න