ජල රොකට් තරගාවලියෙන් ජය ලැබූ සිසුවාට මැලේසියා සංචාරයට මුදල් | දිනමිණ

ජල රොකට් තරගාවලියෙන් ජය ලැබූ සිසුවාට මැලේසියා සංචාරයට මුදල්

මොරටුව විශ්වවිද්‍යාලය මගින් පැවැත්වූ නව නිපැයුම් ජල රොකට් තරගාවලියේ ප්‍රථම ස්ථානය හිමිකරගත් මොනරාගල සෙවනගල සෝමාදේවී මහා විද්‍යාලයේ චතුර ශ්‍රීමාල් ශිෂ්‍යයාට මැලේසියානු රජයේ සංචාරයක් සඳහා අවස්ථාව උදාවී ඇත. ඒ සඳහා පැල්වත්ත සීනි සමාගම මගින් රුපියල් ලක්ෂ දෙකක් පිරිනැමීම ඉකුත් දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුකෙරිණි. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර නගර සංවර්ධන ඇමැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම මුදල චතුර ශ්‍රීමාල් ශිෂ්‍යයාට භාරදුන් අයුරුයි මේ. නියෝජ්‍ය කථානායක ජේ. එම්. ආනන්ද කුමාරසිරි, ඌව පළාත් සභා මන්ත්‍රී ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූපය - ඌව වෙල්ලස්ස විශේෂ ඩී. එස්. ගුණතිලක

නව අදහස දක්වන්න