ගාල්ලේ ගංවතුරෙන් නායයාම්වලින් විපතට පත්වූවන්ට විකල්ප ඉඩම් | දිනමිණ

ගාල්ලේ ගංවතුරෙන් නායයාම්වලින් විපතට පත්වූවන්ට විකල්ප ඉඩම්

ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හා නායයාම්වලින් බලපෑම් එල්ල වූ නාගොඩ සහ මාපලගම ප්‍රදේශවල ආපදාවට ලක්වී නිවාස අහිමි වූ සියලුදෙනාටම විකල්ප ඉඩම් ලබා දී නැවත පදංචි කරවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මාපළගම ප්‍රදේශයේ දී පැවැත්විණි. මෙහිදී අපදාවට ලක්වූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක ආධාරමුදලක් සහ විකල්ප ඉඩම් ලබාදීමට රජය කටයුතු කරන බවට අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

හිනිදුම එජාප ප්‍රධාන සන්විධායක සුනිල් සේනානයක මහතා, නාගොඩ ප්‍රදේශීය ලේකම්තුමිය ඇතුළු රජයේ නිලධාරීන්, ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සහ ආපදාවට ලක්වූ පවුල්වල ජනතාව එම අවස්ථාවට එක්වූ අතර, විකල්ප ඉඩම් හඳුනා ගැනීම වෙනුවෙන් නිරීක්ෂණ චාරිකාවකට ද මෙහිදී අමාත්‍යවරයා සහභාගී විය.

එස්. ලොකුකරවිට
කරාපිටිය සමූහ

නව අදහස දක්වන්න