ජනා­ධි­පති අප­න­යන සම්මාන දිනූ නිහාල් ශාන්ත සහ පුත්‍රයෝ | දිනමිණ

ජනා­ධි­පති අප­න­යන සම්මාන දිනූ නිහාල් ශාන්ත සහ පුත්‍රයෝ

ශ්‍රී ලංකාවේ කුරුඳු අප­න­යන ක්ෂේත්‍රයේ කීර්ති­මත් සමා­ග­මක් වන නිහාල් ශාන්ත සහ පුත්‍රයෝ සමා­ගමේ හිමි­කරු නිහාල් ශාන්ත මහතා කුළු බඩු අප­න­යන ක්ෂේත්‍රයේ නැඟී එන ව්‍යාපා­රි­ක­යාට හිමි අප­න­යන විශි­ෂ්ටතා ජනා­ධි­පති සම්මා­න­යෙන් පිදුම් ලැබීය. අප­න­යන විශි­ෂ්ටතා ජනා­ධි­පති සම්මාන උළෙල ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කොළඹ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී උත්ක­ර්ෂ­වත් ලෙස පැවැ­ත්විණි. ජාත්‍ය­න්තර වෙළෙඳ කට­යුතු පිළි­බඳ රාජ්‍ය ඇමැති සුජීව සේන­සිංහ මහතා අතින් නිහාල් ශාන්ත මහතා සම්මා­නය ලබා ගත්තේය.

1983 දී පමණ පාසල් යන අව­ධි­යේ­දීම සිය පියාගේ මඟ පෙන්වීම යටතේ කුරුඳු ව්‍යාපා­ර­යට සම්බන්ධ වූ නිහාල් ශෘන්ත මහතා වර්ත­මා­න­යේදී දකුණු පළාතේ ප්‍රමුඛ කුරුඳු අප­න­ය­න­ක­රු­වකු බවට පත්වී ඇත. පාසල් අධ්‍යා­ප­නය නිම කර වසර 13ක පමණ කාල­යක් නාවික හමු­දාවේ සේවය කිරී­මෙන් පසුව නැවත කුරුඳු ව්‍යාපා­ර­යට පිවිසි නිහාල් ශාන්ත මහතා සුළු පරි­මා­ණ­යෙන් ආරම්භ කර වර්ත­මා­න­යේදී සිය ව්‍යාපා­රය ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුරුඳු අප­න­යන සමා­ග­මක් බවට පත්කර ඇත. මේ වන විට ඔහු ඇම­රිකා එක්සත් ජන­ප­ද­යට මෙන්ම දකුණු ඇම­රි­කානු හා යුරෝපා රට­ව­ල­ටද කුරුඳු අප­න­ය­නය කරයි. ‘ මම මේ ව්‍යාපා­රය පටන් ගත්තේ බිංදුවේ ඉඳන්. අපගේ ආය­ත­නය මේ මට්ට­මට දියුණු කරන්න මට මගේ පවුලේ අය­ගෙන්, මිත්‍ර­ය­න්ගෙන්, සේව­ක­ය­න්ගෙන් වගේම බැංකු හා මූල්‍ය ආය­ත­න­ව­ලින් විශාල සහ­යෝ­ග­යක් ලැබුණා. ඒ වගේම ජී. පී. ද සිල්වා සමා­ගමේ රවී සිල්වා මහතා ලබා දෙන සහ­යෝ­ගය ඉතා අගය කළ යුතුයි. කොළඹ සමා­ගම් අතර තිබුණ කුරුඳු අප­න­යන ඒකා­ධි­කා­රය දකුණු පළා­තට ගේන්න මුල් වුණේ රවි සිල්වා මහතා.‘ සිය ජය­ග්‍රාහී ගමන් මඟ පිළි­බඳ නිහාල් ශාන්ත මහතා එලෙස පව­සයි. හොඳ වින­ය­කින් හා දැඩි කැප­වී­ම­කින් යුතුව අනු­ක­ර­ණය කිරී­ම­කින් තොරව උත්සා­හ­යෙන් වැඩ කිරී­මෙන් දෙස් විදෙස් කීර්ති නාම­යක් සහිත පාරි­භෝ­ගික විශ්වා­සය ඉහ­ළින්ම දිනූ ශක්ති­මත් ව්‍යාපා­ර­යක් ගොඩ­නැ­ඟී­මට තමන්ට හැකි වූ බව නිහාල් ශාන්ත මහතා වැඩි දුර­ටත් පව­සයි.

නව අදහස දක්වන්න