කිත්ශ්‍රී බ්‍රයි­ඩල් ඇන්ඩ් බියුටි සැලෝන් වෙත ව්‍යාපාර විශි­ෂ්ටතා තරු සම්මා­නය | දිනමිණ

කිත්ශ්‍රී බ්‍රයි­ඩල් ඇන්ඩ් බියුටි සැලෝන් වෙත ව්‍යාපාර විශි­ෂ්ටතා තරු සම්මා­නය

මධ්‍යම පළාත් කර්මාන්ත අමා­ත්‍යං­ශයේ කර්මාන්ත සංව­ර්ධන සහ ව්‍යව­සාය ප්‍රව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව සංවි­ධා­නය කළ Star Award 2018 සම්මාන උළෙ­ලේදී කිත්ශ්‍රී බ්‍රයිඩ්ල් ඇන්ඩ් බියුටි සැලෝන් පෞද්ග­ලික සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ඩී. කේ. දිසා­නා­යක මහතා සුළු පරි­මාණ අංශයේ, සේවා කාණ්ඩයේ ව්‍යව­සාය විශි­ෂ්ටතා තරු සම්මා­න­යෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒක­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මහ­නු­ව­රදී උත්ක­ර්ෂ­වත් ලෙස පැවැ­ත්විණි.

රූප­ලා­වණ්‍ය ක්ෂේත්‍රයේ වසර 20ක අත්දැ­කීම් සහිත කිත්ශ්‍රී දිසා­නා­යක මහතා කටු චිකි­ත්සාව සහ රූප­ලා­ව­ණ්‍යය පිළි­බඳ ආචාර්ය උපා­ධි­ධ­ර­යෙකි. එසේම ඔහු දේශ­මාන්‍ය, විශ්ව­කීර්ති සහ ලංකා­පුත්‍ර යන ගෞරව නාම­ව­ලින්ද පිදුම් ලබා ඇත. කිත්ශ්‍රී බ්‍රයිඩ්ල් ඇන්ඩ් බියුටි සැලෝන් පෞද්ග­ලික සමා­ගම මනා­ලි­යන් හැඩ ගැන්වීම සහ ඒ ආශ්‍රිත සිය­ලුම සේවා සප­යයි. කොණ්ඩ කැපීම, කොණ්ඩ මෝස්තර, වර්ණ ගැන්වීම, ස්ට්‍රෙට් කිරීම, ක්‍රේල් කිරීම, රිලැක්ස් කිරීම, ෆේෂල්, මෙනිකි්‍යු, පෙඩිකි්‍යු ආදී කොණ්ඩය, සම සහ නිය ආශ්‍රිත සිය­ලුම රූප­ලා­වණ්‍ය කට­යුතු කිත්ශ්‍රී බ්‍රයිඩ්ල් ඇන්ඩ් බියුටි සැලෝන් වෙතින් සිදු කර ගත හැකිය. රූප­ලා­වණ්‍ය කට­යුතු සඳහා කිත්ශ්‍රී හර්බ් සන්නා­ම­යෙන් දේශීය ශාක සාර භාවිත කර සකස් කරන ආයු­ර්වේද නිෂ්පා­දන යොදා ගැනීම සුවි­ශේ­ෂ­ත්ව­යකි. කෙස් කළඹ පෝෂ­ණය කර­මින්, දිදු­ලන කළු පැහැ­යක් ලබා දෙමින්, හිස් හොරි මර්ද­නය කර­මින්, ඝන­කම වැඩි කරන උළු හාල් ෂැම්පු, කෙස් කළ­ඹට අවශ්‍ය සිය­ලුම පෝෂ­ණය සප­ය­මින්, නිරෝගි බව ඇති කරන හෙයාර් ස්පා, හිස් කබ­ලට අවශ්‍ය පෝෂ­ණය සප­ය­මින්, තෙත­ම­නය ආරක්ෂා කර­මින්, මනා සුව­යක් ගෙනෙන හෙයාර් සේරම් කිත්ශ්‍රී හර්බ් ආයු­ර්වේද නිෂ්පා­දන අතර ප්‍රමුඛ වේ. කෘතිම රසා­යන ද්‍රව්‍ය­ව­ලින් කෙස් කළ­ඹට සහ සමට හානි නොවන ලෙස රූප­ලා­වණ්‍ය සේවා සප­ය­මින් රූප­ලා­වණ්‍ය ක්ෂේත්‍රයේ කීර්ති නාම­යක් දිනා ඇති කිත්ශ්‍රී බ්‍රයිඩ්ල් ඇන්ඩ් බියුටි සැලෝන් අංක 90D, දිඹුල පාර, හැටන් යන ලිපි­නයේ පිහිටා ඇත. එසේම කිත්ශ්‍රී රූප­ලා­වණ්‍ය ඇක­ඩ­මිය විසින් රූප­ලා­වණ්‍ය පාඨ­මාලා පව­ත්වනු ලබයි.

නව අදහස දක්වන්න