රිච් ලයිට් එක්ස්පෝර්ට්ස් ජනා­ධි­පති සම්මාන දිනයි | දිනමිණ

රිච් ලයිට් එක්ස්පෝර්ට්ස් ජනා­ධි­පති සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ඇඟ­ළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමා­ග­මක් වන රිච් ලයිට් එක්ස්පෝර්ට්ස් පෞද්ග­ලික සමා­ගමේ (www.richlight.lk) සභා­පති සුභ­යිර් ජාන් මහතා අප­න­යන විශි­ෂ්ටතා ජනා­ධි­පති සම්මාන උළෙ­ලේදී අප­න­යන විශි­ෂ්ටතා ජනා­ධි­පති සම්මා­න­යෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කොළඹ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී උත්ක­ර්ෂ­වත් ලෙස පැවැ­ත්විණි. මීට වසර 17කට පෙර සේව­ක­යන් 200කින් ඇරැඹූ රිච් ලයිට් එක්ස්පෝර්ට්ස් සමා­ගම වර්ත­මා­න­යේදී සේව­ක­යන් 1000කට ආසන්න පිරි­ස­කට රැකියා සපයා ඇත. ඔවුන්ගේ ව්‍යාපාර සමූ­හයේ වර්ත­මා­න­යේදී සේව­කයෝ 1500ක් පමණ සිටිති. Body Suits, Sleep Suits, Pajama Sets, School Wear, (Pants, Skirts, Pinafore, Frocks) Polo T Shirts, Crew Neck T Shirts, Underwears ආදී පුළුල් පරා­ස­යක ඇඟ­ළුම් වර්ග රැසක් නිෂ්පා­ද­නය කරන රිච් ලයිට් එක්ස්පෝර්ට්ස් සමා­ගම සිය නිෂ්පා­දන මැද පෙර­දිග රට­ව­ලට, යුරෝ­පීය රට­ව­ලට සහ ඇම­රිකා එක්සත් ජන­ප­ද­යට අප­න­ය­නය කරයි.

George, Primak, Matalan, Pep & Co, Carter’s, Marks & Spencer, Khol’s, Sears & K-mart, Target Stores, Casual male, Gap, Dim, Walmart ආදී ජාත්‍ය­න්තර ගැනු­ම්ක­රු­වන් විසින් රිච් ලයිට් නිෂ්පා­දන මිල දී ගනු ලබයි. මස­කට ඒකක 500,000ක පමණ නිෂ්පා­දන ධාරි­තා­ව­කට හිමි­කම් කියන රිච් ලයිට් එක්ස්පෝර්ට්ස් ඇඟ­ළුම් කර්මාන්ත ශාලාව කැකි­රා­වේත්, ප්‍රධාන කාර්යා­ලය දෙම­ට­ගො­ඩත් පිහිටා ඇත. රේන්බෝ ෆැෂන් පෞද්ග­ලික සමා­ගම, රිච් ලයිට් එක්ස්පෝර්ට්ස් සමා­ගමේ සහෝ­දර සමා­ග­මකි. සිය ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ අද­හස් දක්ව­මින් රිච් ලයිට් එක්ස්පෝර්ට්ස් සමා­ගමේ සභා­පති සුභ­යිර් ජාන් මහතා ප්‍රකාශ කර සිටියේ තත්ත්ව­යෙන් උසස් නිෂ්පා­දන සිදු කර­මින් ශ්‍රී ලංකා­වට විශාල විදේශ විනි­මය විශාල ප්‍රමා­ණ­යක් ගෙන එන තම සමා­ගමේ සේවය ඇගැ­යී­මක් ලෙස ජනා­ධි­පති සම්මා­නය හැඳි­න්විය හැකි බවයි. එසේම ඔහු සිය ගනු­දෙ­නු­ක­රු­වන්ට සහ සේවක මණ්ඩ­ල­යට විශේෂ ස්තූතිය පිරි­නැ­මීය.

නව අදහස දක්වන්න